Saturday, March 1, 2014

මැතිවරණ නීති කඩකිරීම් 435 ක්‌''

caffe logoබස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඊයේ (28 ) වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා 435 ක්‌ වාර්තා වී ඇතැයි නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 419 ක්‌ සහ ප්‍රචණ්‌ඩ ක්‍රියා 16 ක්‌ මේ යටතේ වාර්තා වූ බව කැෆේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
එම සිදුවීම්වලට අදාළව බස්‌නාහිර පළාතේ 254 ක්‌ සහ දකුණු පළාතෙන් 169 ක්‌ වාර්තා වී තිබෙන බව ද හෙතෙම කීවේය.
මහජන දේපළ හා රාජ්‍ය සේවකයන් යොදාගැනීම් සහ පත්වීම්, ස්‌ථාන මාරු කිරීම් 163 ක්‌ද, නීති විරෝධී ප්‍රචණ්‌ඩ සිද්ධීන් 274 ක්‌ ද, පහරදීම් සහ තර්ජනය කිරීම් 13 ක්‌ද ඇතුළු සිද්ධීන් රැසක්‌ වාර්තා වී තිබෙන බව ද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.
ඊට අමතරව  ඊයේ (28)  දින කැෆේ  වෙත වාර්තා වු සිදුවීම් අතරින් කිහිපයක් පහතින් දක්වා ඇත.
මැ.කෝ ගේ  නියෝග නොතකා රැස්වීමක්
බස්නාහිර පලාත් සභා මැතිවරණයට  එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මනාප අංක 7  යටතේ කොළඹ දි
ස්ත්‍රික්කයෙන් තරග කරන ඒ. ඩී ජගත් කුමාර නැමති අපේක්ෂකයා  ඊයේ  (28) 9.30 සිට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී  සමෘද්ධි නිලධාරීන් සදහා  උපහාර උළෙලක් සංවිධානය කර තිබු අතර මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමාසාරිස්වරයා වෙත දැනුම්දී තිබේ.
මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක අපේක්ෂකයෙක් විසින් රාජ්‍ය නිලධාරින් යොදාගෙන  මෙවැනි උපහාර පිදීමක් සංවිධානය කිරීමේ  අරමුණ  සෘජු ලෙසම සමෘද්ධි නිලධාරින් මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගැනීම බව කැෆේ සංවිධානය එම  ලිපියෙන් පෙන්වා දී ඇත.
භෝජන  සංග්‍රහයක්
එමෙන්ම  දකුණු  පලාත් සභා මැතිවරණයට  එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මනාප අංක 2  යටතේ ගාල්ල  දිස්ත්‍රික්කයෙන් තරග කරන  චමින්ද සම්පත් කාරියවසම්  ගේ පියා වන කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් පද්මසිරි කාරියවසම් මහතා  තේ පර්යේෂණ නිලධාරින්  30 දෙනෙකු පමණ කැදවා  දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවට කැෆේ සංවිධානය වෙත ලැබී තිබු පැමිණිල්ලක්  සම්බන්ධයෙන් කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස් වරයා දැනුවත් කර ඇත.
ට්‍රැක්ටරයකට කළුතෙල් ප්‍රහාරයක්
බස්නාහිර පළාත් සභාව සදහා ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින එච්. පී  ධර්මසේන මහතාගේ  ට්‍රැක්ටරයකට හොරණ බණ්ඩාරගම  පාරේ පිහිටි ඔහුගේ නිවස අසලදී  කිසියම් පිරිසක් විසින් කළුතෙල්  වත්කිරීම නිසා එය යළි භාවිත කිරීමට නොහැකි තත්වයකට පත්කර තිබේ.
ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක්  ඡන්ද වැඩට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක  උපුල් මහේනද්‍ර රාජපක්ෂ ගේ අණ පරිදි අත්නගල්ල ප්‍රාදේශිය සභාවේ අංක wp RD 2863 දරණ ට්‍රැක්ටරය  මැතිවරණ ව්‍යාපාරය සදහා යෙදාගැනීම  පිලීබදව කැෆේ සංවිධානය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

යාළුවන්ටත් ඇත්ත දැනගන්න share කරන්න.

No comments:

Post a Comment