Sunday, December 22, 2013

යුරේනිගේ නම විකිණෙන ෆේස්බුක් පළහිලව්ව

මං නොවෙන 

මගේ නම 
විකුණන 
අයට 
අහුවෙන්න එපා.....


කෙටි ලංකාවෙන් බැහැර හිටිය යුරේනි නොෂිකා නැවතත් ලංකාවට ඇවිත් තවත් කාර්යය බහුල වෙලා. යුරේනි රඟ පෑ චරිත ගණන අතළොස්සක් වුවත් යුරේනිගේ ජනප්‍රියත්වය තිබෙන්නේ ඉතා ඉහළ තැනක. පසුගියදා නිමාව දුටු සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලැයිස්තුවේ හතරවැනි තැන ඈ වැජඹෙමින් සිටියා.


කිඳුරංගනා ටෙලි නාට්‍යයේ සංජු ලෙස ඉමහත් ප්‍රතිචාර ලැබූ යුරේනි මේ දිනවල සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ අයෝධ්‍යා වෙමින් අප හමු වෙනවා. එමෙන්ම අරෝරා හි ඇය ගුවන් සේවිකාවක් ලෙස චරිත මවනවා. විවිධ කාලවල දී විවිධ චරිත හරහා අපට සමීප වන ඈපිළිබදව ලංකා ඊ ගොසිප් නිව්ස්තුලින් කරුණු ගෙන එන්නේ මෙලෙසිනි.




ලංකාවේ හැමෝම හිතන් ඉන්නේ යුරේනි නොෂිකා වෙස්ටර්න් චරිතවලට හොඳ කෙනෙක් ලෙසයි. නමුත් යුරේනි නම් පවසන්නේ ඇයට ඕනෑම චරිතයකට ආරෝපණය වෙන්නට පුළුවන් කියලයි. අයෝධ්‍යා චරිතය තුළින් ඇය ඒ බැව් ඔප්පු කර පෙන්වන බවයි. යුරේනි ඉදිරිපත් කරනු ලබන අයෝධ්‍යා චරිතය මුඩුක්කු ජීවිතයක් ගත කරන තරුණියක් හා කතා විලාසය, හැසිරීම, ගමන් විලාසය පවා වෙනස්. ඒ නිසාවෙන් ම යුරේනි මෙහිදී ඇයට හැකි උපරිම ශක්තියෙන් ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන බැව් පැවසුවා ය.
අපි ඉන්දයාවේ මතක අතරට යමු.



ඈ විදෙස් ගතව සිටි කාලය පිළිබදව මතකය අවධි කළේ මෙලෙසිනි.

"ඉන්දියාවේ මතක හරිම සුන්දරයි. එහෙ දි මට දැවැන්ත චරිත කිහිපයක් මුණ ගැහුණා. ඉන්දියාවේ සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන ඩාබු රත්නානි මගේ ෆොටෝ ෂූට් එකක් කළා. ඒ වගේම ජෝන් ඒබ්‍රහම් සමඟ මම වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා. ඒ වගේම ප්‍රියංකා චොප්රා සමඟ වෙළෙඳ දැන්වීමකට තෝරා ගත්තත් ඊට සහභාගි වෙන්නට නොහැකි වුණා.


ජෝන් ඒබ්‍රහම් කියන්නේ ඉතාමත් හොඳ කෙනෙක්. ඔහු හරිම නිහතමානියි. දර්ශන තලවල දී හැමෝම ගැන ඔහු හොයනවා. "කාල ද ඉන්නේ.." ගොඩක් වෙලාවට ඔහු මුලින්ම අහන වචනය ඒක. ඒ වගේම හරිම මිත්‍රශීලී වගකීම් සහිත චරිතයක්.


රන්බීර් කපූර්, සල්මන් ඛාන්, අක්ෂේ කුමාර්, රවිනා හමු වුණා. මධුරි ඩික්සිත්ගේ කොණ්ඩා මෝස්තර ශිල්පියා තමයි මගේ කොණ්ඩය සැකසුවේ. මේ වගේ විවිධ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් අය හමු වුණා.



ලංකාවේ නිළියන්ට ඉන්දියාවේ තැන ජැක්ලයින් හරියටම හදලයි තියෙන්නේ. ලංකාවේ කිව්වම ජැක්ලින්ට තියෙන ගෞරවය එක්ක තමයි පිළිගැනීම සිදු වෙන්නේ. ඔවුන් අපේ සිනමාව ගැන දන්නේ නැති වුණාට හොඳ පිළිගැනීමක් ලබා දෙනවා.



ඉන්දියාවේ දී චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් ඒවා ලොකු වැඩ නොවෙයි. යාෂ්රාජ් ගේ චිත්‍රපටයේ ගීතයකට කතා කළා. නමුත් ඒ මොහොතට සහභාගි වෙන්න නොහැකි වුණා."



මුල් කාලේ යුරේනි කලහකාරි චරිතයක් විදියට ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණි. සරසවි මාධ්‍ය හමුවකට එකවුණු අවස්ථාවක දී යුරේනි ඒ පිළිබදව ද පවසා සිටියා ය. 





"මං ඒ දවස්වල හරිම ආවේගශීලීයි. අසාධාරණයක් වෙන්නේ කොතන ද මං ඒ වෙනුවෙන් කතා කළා. නළු නිළියන්ට කුලී කාරයන්ට වගේ සලකද් දී මං ඒවට විරුද්ධව නැඟී සිටියා. මගේ පිබිදීම හරහා හැමෝටම පහසුකම් ලැබුණා. නමුත් ඒ පහසුකම් ලබා ගත්ත අයම මං කොකුකාරියක් ලෙසට හංවඩු ගැහුවා. මේක තමයි ඇත්ත කතාව.

හැබැයි දැන් හිතෙනවා ඒ අවස්ථාවල මං ආවේගශීලී වුණා වැඩි ද කියලත්. මොකද මගේ සටන්වලින් ප්‍රයෝජන ගත්තේ වෙන අය. සාමාන්‍යයෙන් මං කලහකාරී නැහැ. ඒත් ඉස්සර මට අසාධාරණේ පෙන්නන්න බැහැ.

දැන් මං ටිකක් වෙනස්. ජීවිතේ පරිණත වෙද් දී හැම දේම වෙනස් වෙනවනේ. ඒ කාලේ ආවේගය පාලනය කරගන්න බැරි වුණාට දැන් ඒක පිට කළ යුත්තේ කොහොමද කියලා තේරෙනවා. මං වැරැදි වැරැදි ඉගෙන ගත්ත කෙනෙක්. වැරැදිවලින් තමයි කෙනෙක් හොඳ වෙන් කර ගන්නේ. යුරේනි කියන්නේ යකඩ ගැහැනියක්. මං ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න දැන් ශක්තිවන්තයි.

මං යාළුවො එක්ක හොඳට විනෝද වුණු කාලයක් තිබුණා. ඒත් මං කිව්ව වගෙ දැන් ටිකක් පරිණතයි. නයිට් ක්ලබ් කියන්නේ කොළඹ සමාජයට සරල සාමාන්‍ය දෙයක්. දැනටත් මං ඉඳල හිටලා ක්ලබ් යනවා. මං වැරැදි නැති කිසිම තැනක වැරැදි වෙන්නේ නැහැ.... අනෙක ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. මම හැමදේම කරන්නේ තේරුමක් ඇතුව.

මගේ යාඥා ලිස්ට් එකේ ෆස්ට් එකට තියෙන්නේ විවාහය. මමත් ආසයි විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න. මමත් ආසයි දරු සුරතල් බලන්න. ඒත් තවම ඊට නිසි පාර්ශවකරුවකු ලැබුණේ නැහැ. හොද කෙනෙක් මටත් ලබේවි.

මං සම්ප්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි. සියයට සියයක් හොඳ කවුරුවත් ලෝකේ නෑනේ. මං හොයන්නේ මාව තේරුම් ගත්ත, මට එයාව තේරුම් ගන්න පුළුවන් ජීවිතේ විඳින කෙනෙක්."

ෆේස් බුක් එකේ යුරේනිගේ නමින් පිරිමි ළමයෙක් ගැන ලියලා තියෙනවාලු... එත් ඒ ඇගේ ෆේස්බුක් පිටුව නම් නෙවෙයිලු...  

"මගේ නමින් ෆේස් බුක් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ මං නෙවෙයි. ඒක නිසා කවුරුත් මං කියලා අහුවෙලා ඒ අයගේ උගුල්වල පැටලෙන්න එපා. ෆේස් බුක් එකේ මට තියෙන්නේ පිටුවක්. මං චැට් කරන්න නිතරම එන්නේ නැහැ. ඒ නිසා මං නොවෙන මගේ නම විකුණන අයට අහුවෙන්න එපා."




No comments:

Post a Comment