Thursday, March 6, 2014

කොල්ලුපිටියේ මහල් නිවාසවලින් ජනතාව පන්නා දැමීමේ සැලසුමක්

flats
අඩුආදායම් ලාභීන්ට මාසික කුලි ගෙවීම් පදනමට යටතේ පවරා දී තිබූ කොල්ලු පිටිය මහල් නිවාස සංකීර්ණයෙන් නිවාසවාසීන් පන්නා දැමීමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්තාවේ.


මේ සදහා ආණ්ඩුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය වී ඇත්තේ අදාළ නිවැසියන්ට දරාගත නොහැකි වන ලෙස මාසික බදුකුලිය වැඩිකිරිමය.

ඒ අනුව 2014 පෙබරවාරි 01 වෙනිදා සිට 50%කින් බදු වැඩිකර ඇති අතර මෙය 2015 වන විට 75%ක් දක්වා වැඩිකිරිමට කටයුතු කරන බවද කොළඹ මහ නගර සභාව දැනුම්දි ඇත.


මේ අනුව වර්ග අඩියකට රුපියල් 150 ක් වන ලෙස මෙතෙක් බදු කුලී ගෙවූ නිවැසියන්ට 2014 පෙබරවාරි මස 01 දා සිට රුපියල් 4887.ශත 50ක් ගේවීමට සිදුවන අතර එය 2015 වන විට 7242ශත 75ක් වන අතර 2016 වන විට 9600ක් දක්වා වැඩිවන බවද වාර්තාවේ.


දිවංගත ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් අඩුආදායම් ලාභින්ට මෙම නිවාස ලබාදි ඇත්තේ වසර 25ක් ඉක්ම යාමෙන් පසු බදුමුදල් ගෙවීමෙන් අනුතරුව නිවාසවල හිමිකාරීත්වය ඔවුන්ට හිමිවන ලෙසය. මේ සදහා 1999 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් කැබිනට් අනුමැතියද ලැබි ඇත.

මෙවැනි තත්වයක් තිබියදී ආණ්ඩුව බදු වැඩිකිරීමක් සිදුකීරීමේ පදනම වි ඇත්තේ මේ වන විට කොල්ලුපිටිය ප්‍රදේශය සංචාරක කර්මාන්තය සදහා වන සැලසුමක් සදහා සකස් කරමින් පැවතීම බව මහල් නිවාස වාසීන් පවසයි.

No comments:

Post a Comment