Wednesday, March 5, 2014

විජිතමුණි වන අලියෙක් ලක්ෂ 10 ගානේ විකුණයි

vijithvijayamuni soysa

රුපියල් දස ලක්ෂයක ලියාපදිංචි ගාස්තුවක් ගෙවා වන අලියකු ළඟ තබා ගැනීමට අවසර ලබාදීම සඳහා වූ නව නීති මාලාවක් හඳුන්වාදීමට වනජීවී අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා තීරණය කොට තිබේ.
එම නීති මාලාවට අනුව වන අලියකු හීලෑ කර තබා ගැනීමට අවසර ලබාගත හැක්කේ අලියකු නඩත්තු කිරීමට වත්කම් ඇති ආදායම් බදු ගෙවන හා අක්කර පහක ඉඩම් හිමියකුට පමණක් නව නීති මඟින් කොන්දේසි පැනවේ.රුපියල් දස ලක්ෂයක ලියාපදිංචි ගාස්තුවක් ගෙවා වන අලියකු ළඟ තබා ගැනීමට අවසර ලබාදීම සඳහා වූ නව නීති මාලාවක් හඳුන්වාදීමට වනජීවී අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා තීරණය කොට තිබේ.

මේ අනුව අලියකු ළඟ තබාගත හැකි සුදුස්සන් තේරීම සඳහා වූ කොන්දේසි මාලාව දැනට සකස් කරගෙන යන අතර එම කොන්දේසිවලට අදාළ යෝජනා අඩංගු කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ රජයේ අනුමතය සඳහා ඉදිරිපත් කරන බවය.

නව නීති කොන්දේසි පැනවීමේදී අලි හිමිකරු ආදායම් බදු ගෙවන පුද්ගලයකු විය යුතු වන අතර අලියකුට සෙවණ දීමට උසැති ආවරණයක්, දිය පොකුණක් කිතුල් වැනි ආහාර සැපයීමට ඇති පහසුකම්, පශු වෛද්‍ය පහසුකම් ලබාදීමේ හැකියාව පිළිබඳවද සොයා බලන බවද අමාත්‍යවරයා පැවැසීය.

මේ නව නීති සැකසීමේදී දැනට වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වූ කේරළයේ බලපවත්නා නීති රීති අඩංගු පනතක් පිළිබඳව අවධානය යොමුකෙරෙන අතර එම නීති කොන්දේසි සැකැසීම සඳහා මහාචාර්ය සරත් කොටගල මහතා ඇතුළු කමිටුවක්ද පත්කර තිබේ.

කිසියම් මිල ක්‍රමයක් යටතේ විදෙස් රටවලට අලි අලෙවි කිරීමට හැකියාව පිළිබඳ සහ විහාරස්ථානවලට අලි ලබාදීමේ ක්‍රමවේදයක්ද සකස් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.


ඇමැතිවරයා පවසන්නේ අනතුරු, විදුලි සැර වැදීම්, වෙඩි තැබීම් වැනි අනතුරුවලින් අලි 250ක් පමණ මරණයට පත්වන බවයි.


කෙසේ නමුත් පසුගිය කාලයේ දේශපාලන අධිකාරියේ අනුග්‍රහයෙන් සිදුවන වන අලි ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වෙමින් පැවැති අතර මේ නව නීතිය මගින් ඒ ජාවාරම නීති ගත කිරීමක් සිදුවන  බව පරිසර සංවිධාන පෙන්වා දෙයි. එමෙන්ම වන අලි පැවැරීම නමින් මේ ක්‍රියාත්මක වූවද මේ සිදු කරනු ලබන්නේ විකුණා දැමීමක් බවද  පැහැදිලි බව ඔවුන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment