Friday, April 25, 2014

ජාතික රූපවාහිනියේ බලූපොරය: සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් ඉවත් කිරීමට රහස්‍ය නිර්දේශ


දැනට මාස එකහමාර ඉක්මවා ඇති රූපවාහිනී අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති නියෝගයක් මත මාධ්‍ය අමාත්‍යංශය පැවැත්වූ ස්වාධීන විමර්ශනයේ වාර්තාව පසුගිය සතියේ නිකුත්වී ඇති අතර එමගින් ගාමිනී රාසපුත්‍ර නඩයේ කීපදෙනෙකුටම බරපතල ද`ඩුවම් නිර්දේශ වී ඇතැයි පැවසේ. කෙසේ වුවද එකී රහස්‍ය වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන් අතර සභාපති විමල් රූපසිංහ හා අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ වහාම එම තනතුරුවලින් ඉවත්කිරීමටද යෝජනා ඇතුලත්වීම නිසා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පෙර ඔවුන් සියලූ දෙනාම එක්ව එය යටගැසීම සඳහා ඇමති කෙහෙලිය ෂේප් කර ගැනීමට යොමුවී ඇත.

ඒ අනුව රාසපුත්‍ර-සෝමපාල-සුනිල් දිසානායක-නිශාන්ත උබේවංශ යන ජඩ නඩය විසින් කලක් තිස්සේ පවත්වාගෙන යන කුප්‍රකට ගණිකා ජාලය භාවිතා කරමින් සුපිරි ගණයේ නාරි මාංශ ඇමැති කෙහෙළියට සපයා ඉතා පහසුවෙන්ම තම ඉලක්කය සපුරාගෙන ඇතැයි ද මේ දිනවල රූපවාහිනියේ සෑම අස්සක් මුල්ලක් නෑරම කතාබහට ලක්වේ. එසේම ලගදීම කෙහෙලිය ඇමතිවරයා රූපවාහිනී සංස්ථාවට ගෙන්වා ඔවුන්ගේ නිර්දෝශීභාවය ඔහු ලවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරවීමටද ඔවුන් සැලසුම් කර ඇතැයි පැවසේ.

මේ අතර තමන්ට යුක්තිය හා සාධාරණය ඉටුවන්නේ නම් පමණක් යලි රූපවාහිනියට එන බව පැවසූ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නිමල් බෝපගේ සහ උපදේශක සංජීව සිරිබද්දන යන දෙදෙනා තවදුරටත් මරාවාදයටම උඩගෙඩි දෙමින් මෙම තීන්දුවෙන් තමන් කලකිරුනු බව පවසා පසුදිනම සිය ඉල්ලා අස්වීම බාරදී ඇතැයි පැවසේ. මෙම තත්වය කෙරෙහි අන්තයටම කලකිරුනු සේවක පිරිස් පසුගිය සඳුදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කෙරෙහි බොහෝ බලාපොරොත්තු දල්වා බලා සිටියද ඇමතිවරයාගේ තර්ජනය හමුවේ නකුට කකුල අස්සේ රුවාගත් බලූ රැලක් බවට පත්වූ අධ්‍යක්ෂ මණ්ඩලයද එකී වාර්තාව කුනු බක්කියට දමා රාසපුත්‍ර නඩයට සියළු වරදාන ලබා දී ඇතැයි පැවසේ.

කෙසේ වුවද එකී සැලසුම කල් ඇතිව දැනසිටි සේවක පිරිස රාසපුත්‍රගේ වසර 4 ක දූෂණ වංචා රාශියක් හා ඒ පිලිබඳව විගණකාධිපතිගේ නිල වාර්තාවක්ද, දැනට රූපවාහිනියේ දරුණු කඩාවැටීම සම්බන්ධයෙන් සභාපති විමල් රූපසිංහ හා අධ්‍යක්ෂ ජෙනරාල් චනද්‍ර්‍රපාල ලියනගේ සමග එක්ව ඉහත රාසපුත්‍ර-සෝමපාල-සුනිල් දිසානායක-නිශාන්ත උබේවංශ යන ජඩ නඩය විසින් සිදුකරන ලද මෑත කාලීන වංචා දූෂණ රැසක්ද සහිත රහස්‍ය ලිපිගොනු කිහිපයක් අධ්‍යක්ෂ මණ්ඩලයට ලබාදී තිබුනද ඇමතිගේ තර්ජනයෙන් මද කිපුනු ඇතකු බවට පත් සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලය සමග දරුණු සටනක නිරතවීමෙන් අනතුරුව ඇමතිවරයාට දුරකතනයෙන් කතාකොට ඔවුන් සියලූ දෙනාට ඇසෙන අයුරින් ස්පීකර් ෆෝන් ක්‍රියාත්මක කොට එම නියෝගය ලබා දී ඇත. මේ සියල්ල රහසිගතව සිදුවුවද දැන් එය නොදන්නා කෙනෙක්ද නැත.

මෙසේ සියලූ අපේක්ෂා බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියේ නිලධාරීන් නොවන බහුතර සාමාජික පිරිසද සහිතව සියලූ වෘත්තීය සමිති හා සාමාන්‍ය සේවක පිරිස මේ පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමටද මානව හිමිකම් කොමිසමටද පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා ඔම්බුඩ්ස්මන් වරයාටද විස්තරාත්මකව වාර්තා කොට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටීමටත් ඉන් අනතුරුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් දැනට තීරණය කොට ඇත. මේ වන තුරුත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රමාද වී ඇත්තේ එවැන්නක් සිදුවුව හොත් ඊට සහභාගි වන සේවකයින් රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගසා සේවයෙන් පහකොට දැනට කොන්ත්‍රාත් සේවක පිරිස ස්ථිර කිරීමටද ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වී ඇති නිසාය. - 

No comments:

Post a Comment