Thursday, March 6, 2014

මිහින් ලංකා අවුරුදු දෙකට කෝටි 329ක් කා දමලා

Mihinlankaමිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර දෙකක කාලය තුළදි රුපියල් කෝටි 329 ක අලාභයක් ලබා ඇති බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදි බ්‍රහස්පතින්දා (06)ප්‍රකාශ කළේය.

මෙම ගුවන් සමාගම 2012 සහ 2013 වර්ෂයන් හි ලැබු අලාභය රුපියල් තුන්සිය විසිනව කෝටි තිස් හතර ලක්ෂ හැත්තෑ හතර දහස් හයසියඅසු තුනක් බවත්, 2011 සහ 2012 වර්ෂයන්හි මිහින් ලංකා ලැබු අලාභය රුපියල් එකසිය අනුහය කෝටි හැත්තෑ අටලක්ෂ හතලිස් තුන්දහස් එකසිය දහ නවයක් බවත් ඇමැතිවරයා කීවේය.

මිහින් ලංකා ආයතනයේ සේවක හිගයක් පවතින බව ප්‍රකාශ කළ ඇමැතිවරයා සේවකයෙකු වෙනුවෙන් මාසිකව දරන සාමාන්‍ය පිරිවැය රුපියල් එක්ලක්ෂ විසිනව දහස් හයසිය හතළිස් නවයක් බවද ඒ මහතා සඳහන් කළේය. කෙටි කාලීන,මධ්‍ය කාලීන ණය වශයෙන් රුපියල් කෝටි 283 ක් මිහින් ලංකා සමාගම ලබා ගෙන ඇතැයිද ඇමැති ජයරත්න මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
(ලක්බිම)

No comments:

Post a Comment