Saturday, March 1, 2014

රාජපක්ෂ පිටියේ හොරේ පාර්ලිමේන්තුවේදී මතුවෙයි !

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයට වසර පහකදී රුපියල් මිලියන හාරදහස් තුන්සිය හතළිස් නවයක්  (4,349) වැයකර තිබේ.

මෙසේ වැයකර ඇත්තේ 2008 සිට 2012 දක්වා වසර පහක් සඳහාය.
මෙම කාලය තුළ අනිකුත් ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ හයක් සඳහා යොදවා ඇති මුළු මුදල රුපියල් මිලියන 3,118ක් පමණකි.
ඒ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය, දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, වෙලගෙදර ක‍්‍රීඩාංගණය සහ සරේ ක‍්‍රීඩා සමාජීය ක‍්‍රීඩාංගණය යන ඒවා සඳහාය.
මේ අතර 2008 සිට 2012 දක්වා වසර පහ තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයෙන් බව පැවසේ. එය රුපියල් මිලියන 430කි.
වසර 2011 සහ 2012 දී මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයෙන් උපයා ඇත්තේ රුපියල් මිලියන 116කි.
කෙසේවුවද  2011 සහ 2012 වසරවල එහි නඩත්තු වියදම රුපියල් මිලියන 40ක් වන  අතර ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 2,968.7ක් දරා තිබේ.
මෙයින් පැහැදිලි වන්නේ 2011/2012 වර්ෂවල දී රුපියල් මිලියන 116 ආදායම් ඉපයීම සඳහා රුපියල් මිලියන 2,968.7ක් වැයකර තිබෙන බවය.
පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයෙන් රුපියල් මිලියන 185, ගාල්ල ක‍්‍රීඩාංගණය මිලියන 25ක් සහ දඹුල්ල මිලියන 07ක් වශයෙන් උපයා ඇත.
මෙම ක‍්‍රීඩාංගණය ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු නැති බව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය නිර්දේශ කරන ලද්දක් බවද පැවසේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක විසින් ක‍්‍රීඩා ඇමැතිවරයාගෙන් අසා තිබූ ප‍්‍රශ්නයකට සැපයූ පිළිතුරෙන් මෙම තොරතුරු හෙළිවී ඇත.
- ලංකා

No comments:

Post a Comment