Wednesday, March 5, 2014

වනාතමුල්ලේ සුනිල්, ජීවිත රැකවරණ ඉල්ලයි.

sunilපසුගිය පෙබරවාරි මස 15 වෙනි දින පැහැරගැනීමට ලක් වූ වනාතමුල්ලේ සුනිල් මහතා විසින් අද(05) දින මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්
තමන් පැහැර ගත් අය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවෙදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“වාහන වලින් බයිසිකල් වලින් ඇවිත් අපේ ගේ වටේ කැරකෙනවා. පයින් යනවා එක එක්කෙනා ෆෝන් කනේ තියාගෙන. මගෙ ජීවිතේ ආරක්ෂා කරගන්නයි අද මේ පැමිණිල්ල දැම්මේ. ඒ නිසා මගේ ජීවිතේ ආරක්ෂා වෙන විදියට වැඩ පිළිවෙළක් හදලා දෙන්න කියලා මං කියනවා. මම නිවාස හිමිවරුන්ගේ සන්විධානයේ ඉන්න නිසා මට ගොඩක් බලපෑම් එනවා. මට වෙච්ච දේට මේ වනතුරුත් කාවවත් අත් අඩංගුවට අරන් නෑ ඒ නිසා මගෙ ජීවිතේ ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි මං කියන්නෙ.”
එමෙන්ම සුනිල් මහතා සමඟ මේ අවස්ථාවට සහභාගී වූ නීතිඥ සුනිල් වටගල මහතා ද මාධ්‍ය වෙත අදහස් දැක්වමින් මෙසේ පැවසුවේය.
“බොරැල්ලෙ ජනතාව උද්ඝෝෂණය කරපු නිසා තමයි සුනිල්ව නිදහස් කරන්න වුණේ. ඒ නිසා සුනිල් අයියා ඊයේ එයාගේ සහෝදරයෙක්ගෙ ගෙදර බැනර් එකක් ගැහුවා ඒ උද්ඝෝෂණය කරපු සහෝදර වැසියන්ට ස්තූතියි කියලා. අන්තිමට බොරැල්ලේ පොලීසියෙන් ඊයේ (04) ඇවිත් ඒ බැනර් එක එල්ලලා තිබුණ නිවසේ අයට බැන වැදිලා ඒක ගලවලා දාලා ඒ බැනර් එකත් අරන් ගිහින්. මේ වගේ බාල වැඩ තමයි පොලීසියේ තියෙන්නේ. ඒ නිසා අපි මේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු වෙයි කියලා බලාපොරොත්තුවෙන්.

No comments:

Post a Comment