Thursday, March 6, 2014

දැයට කිරුළ පුවරු කොන්ත්‍රාත්තුව දයාසිරිගේ ලේකම්ට !

DeyataKirulaපසුගියදා කුලියාපිටියේදී පැවැත්වූ ‘දැයට කිරුළ, ප්‍රදර්ශනය සඳහා රජය වැයකළ මුදල් කොපමණ ප්‍රමාණයක්ද යන්න තවමත් සාමාන්‍ය ජනතාව දන්නේ නැත.
මෙම කාරණයට සම්බන්ධව ප්‍රශ්න කීපයක් අද වයඹ පළාත් සභාවේදී පළාත් සභා මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් විමසා සිටින ලදී.
චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් විමසා සිටියේ දැයට කිරුළ වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළකරමින් සෑම නගරකම ප්‍රදර්ශනය වූ පුවරු සඳහා මුදල් කෙතරම් ප්‍රමාණයක් වියදම් කර ඇති ද යන්නයි.
එකම ආකාරයට නිර්මාණය කර තිබූ එවැනි පුවරු ගණනාවක් ප්‍රධාන නගර වල ප්‍රදර්ශනය කළ අතර ඒවායේ තිබූ එකම වෙනස වූයේ නගරයෙන් නගරයට අදාළ ප්‍රාදේශීය සභාපතිවරයාගේ හා සංවිධායකවරයාගේ ඡායාරූප එක්කර තිබීම පමණි.
මෙම පුවරු වලට යටින් සඳහන් කර තිබූ අදාළ ඇඩ්වටයිසින් ආයතනයේ දුරකථනයට ඇමතුමක් ගත් විට එම දුරකථන අංකය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ලේකම්වරයෙකුගේ බව ද වාර්තා විය.
කෙසේ හෝ මෙම ප්‍රශ්න වලට සාමාන්‍ය පිළිතුරක් දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රතිප්‍රශ්නයක් නගා තිබුනේ ‘මේ වගේ ප්‍රශ්න ද අහන්නේ වෙන ප්‍රශ්න නැද්ද අහන්න යනුවෙනි’.
වයඹ පළාත් සභා මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු විසින් නැගූ මෙම පුවරු වල වියදම් හා පුවරු කෙතරම් ප්‍රමාණයක් හැදුවාද යන ප්‍රශ්න වලට ඉදිරි දිනකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පිළිතුරු දීමට නියමිතය.

( meepura.com )

No comments:

Post a Comment