Wednesday, February 26, 2014

දරුවන් ඉදිරියේ අසැබි වීඩීයෝ දර්ශන පෙන්වා බිරිඳට අමානුෂික වධ හිංසා

අධික ලෙස මත්පැන් පානය කර පැමිණ මහ දවල් සිය 14 හා 11 හැවිරිදි දියණියන් දෙදෙනාද 7 හැවිරිදි පුතා ඉදිරියේ අසභ්‍ය වීඩීයෝ දර්ශන පෙන්වා
සිය බිරිඳට ලිංගිකව හැසිරීමට බලකරමින් වධ හිංසා කළ තිදරු පියකු අත් අඩංගුවට ගැනීමට පරීක්‌ෂණ පවත්වන බව උතුරු කළුතර පොලිසිය ඊයේ 25 දා කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. 

දරු තිදෙනා ඉදිරියේ සැමියා විසින් කරනු ලබන හිරිහැර ඉවසා ගත නොහැකිව තමන් දරු තිදෙනා සමග පලාගොස්‌ සැඟවී සිටිය බවත් පසුව තමන් සොයාගෙන පැමිණි සැමියා පහරදී ළිඳකට පවා දැමු බව හිංසනයට පත්වූ කාන්තාව පොලිසියට පැමිණිලිකර ඇතැයි උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රශාන්ත සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ. 

සිය සැමියා විසින් තමන්ට නිතර වධ හිංසා කරන අතර සිය දරු තිදෙනා ඉදිරියේදී පවා අමානුෂික ලෙස වධ හිංසා කරන බවද බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ දක්‌වන බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි

No comments:

Post a Comment