Sunday, March 2, 2014

අවුලෙන් මිදෙන යෝජනාවට ජනාධිපති ගොළුවේ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මත වීම වළක්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින්
අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව පිළිබඳව කිසිම ප‍්‍රතිචාරයක් මේ වන තෙක් ජනාධිපතිවරයා දක්වා නොමැති බව වාර්තා වෙයි.
මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත විය හැකි යෝජනාවකින් රටට අත්විය හැකි අහිතකර ප‍්‍රතිඵල ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්ද, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, රෙජිනෝල්ඞ් කුරේ යන ඇමතිවරුන්ගේත් නවීන් දිසානායක නියෝජ්‍ය ඇමතිවරයාගේත්, වසන්ත සේනානායක මන්ත‍්‍රී වරයාගේත්, විද්වතුන් පිරිසකගේත් සහභාගිත්වයෙන් පැවතී ඇත.
කවුන්සිලයේ යෝජනාවක් වැළැක්වීමට නම් ශ‍්‍රී ලංකාව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම, උතුරු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම යනාදී ක‍්‍රියාමාර්ග ආණ්ඩුව විසින් ගතයුතු බවට මෙම සාකච්ඡාවේදී එකඟතාවට පැමිණ ඇති අතර, එම එකඟතාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තීරණය කර ඇත.
එම සාකච්ඡාවෙන් පසු ඇමතිවරුන් පමණක් වෙනම රැස්වී සාකච්ඡා කළ බවද වාර්තා විය.
එම රැස්වීම්වල එකගතාද ඇතුළුව ජීනීවා අවදානමෙන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන යෝජනා ඇතුළත් වාර්තාවක් අමාත්‍ය වාසුදේව නානානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේ භාරදෙනු ලැබීය.
එම වාර්තාව ගැන මෙතෙක් තමන්ට කිසිම ප්‍රතිචාරයක් ජනාධිපතිවරයාගන් ලැබූ නැති බව මේ පිළිබදව කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.
(රාවය )

No comments:

Post a Comment