Thursday, March 6, 2014

අධිවේගෙන් ලංකාවේ වැදගත් රක්ෂිතයක් මකර කටට

highway
මාතර - හම්බත්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් තෙත් කලාපයේ අවසාන කෙලවරෙහි පිහිටි රක්ෂිත වනාන්තරයක් වන අපරැක්ක දංදෙණිය රක්ෂිතය විනාශ වී යාමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ලංකාවේ සංවේදී වනාන්තර 70 අතුරින් එකක් වන මෙම වනාන්තරය දකුණේ පවතින සදාහරිත වනාන්තර 24 අතුරින් එකක් ද වේ. අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ මෙම රක්ෂිතය මැදින් වන අතර එවිට වනාන්තරය මැදින් කිලෝමීටර් 01ක් පමණ අධිවේගී මාර්ගය ගමන් කරනු ලැබේ මේ හේතුවෙන් රක්ෂිතය හෙක්ටයාර් 60ක් හා හෙක්ටයාර් 300ක් ලෙස දෙකට බෙදෙන අතර හෙක්ටයාර් 07ක භූමි ප්‍රමාණයක් අධිවේගී මගට බිලිවේ.

පරිසර සංවිධාන සදහන් කරන පරිදි මේ හේතුවෙන් රක්ෂිතයේ ජෛව විවිධත්වයට මෙන්ම එහි වෙසෙන සතා සීපාවගේ ජීවිතවලටද ප්‍රබල තර්ජනයක් ඇති වීමේ ඉඩ මේ හේතුවෙන් ඇති වන බවයි.

කෙසේ වෙතත් මාර්ග සැලසුම් සකස් කරන්නන් විසින් මේ දුර්ලභ මෙන්ම වටිනා සම්පත සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට මාර්ග පද්ධති ඉදි කීරීම මගින් මිනිසාට මෙන්ම සතා සීපාවට පමණක් නොව වටිනා වනාන්තරවලට විනාශයක් එල්ල කරමින් පවතින බව පරිසර සංවිධාන චෝදනා කර සිටී.

No comments:

Post a Comment