Saturday, March 22, 2014

මෙවර ආණ්ඩුව පරදවන්නේ කාන්තාවන්

mr-womanමෙවර පළාත් සභා මැතිවරණය ඉලක්කකරගෙන රාජ්‍ය බුද්ධි අංශ මඟින් එක් ‍රැස් කර ගෙන තිබෙන තොරතුරු අනුව මෙවර බහුතරයක් කාන්තා ඡන්ද ආණ්ඩුවට එරෙහිව පාවිච්චිවෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට වඩාත් බලපෑම් සහගත වුයේ කාන්තා ඡන්ද බව කියැවිනි. 
කෙසේ නමුත් බුද්ධි අංශ මඟික් කර තිබෙන සමීක්ෂණයෙන් බඩුමිල ප්‍රශ්නය, විදුලි බිල් ප්‍රශ්න මෙන්ම කාන්තාවන් කෙරෙහි එල්ලවෙමින් පවතින ලිංගික අතවර ආදී ප්‍රශ්න කෙරෙහි කාන්තාවන් ගේ විරෝධයන් වැඩි වශයෙන් එල්ලවී ඇතැයි පැවැසේ.
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිසා බඩු මිල ප්‍රශ්නය වඩා තදින් කාන්තාවන්ට දැනෙනු ඇති බව වැඩිදුරටත් මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත. 
මේ තත්වය මත මෙවර මැතිවරණයේදී ආණ්ඩුව පසු බෑමකට ලක්විය හැකි බවද විපක්ෂයේ එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර තරගයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා කරන අතර එහෙත් විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහල යෑමක්ද පෙන්නුම් කරනු ඇති බවද සඳහන් කරයි. 
මෙම බුද්ධි අංශ වාර්තා පිළිබඳව ආණ්ඩුව තුළ කැළඹීමක් හට ගෙන තිබේ. ඒ අනුව අවසන් දින කිහිපය තුල විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට පසු ගිය 16 වෙනිදා පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ සාකච්ඡාවකදී තීරණය කර ඇත. 
ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කළ හොත් ඒ මඟින් සිංහල බෞද්ධ ඡන්ද තම වාසියට යොදා ගැනීමට ආණ්ඩුව කලින් සැලසුම් කළද මේ වන විටත් එය රට තුළ විහිළුවට කාරණයක් වී තිබීම ආණ්ඩුව මුහුණපා සිටින විශාලම අර්බුදයයි.

මේ නිසා කාන්තාවන් දිනා ගැනීම ඉලක්ක කරගත් විශේෂ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට එහිදී සැලසුම් කෙරී ඇත.

No comments:

Post a Comment