Wednesday, March 5, 2014

රණවිරු අධිකාරිය බරටම ජන්ද වැඩ

army_alertබස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයට ඉදිරිපත්ව සිටින ‘රණවිරුවන්ට’ රණවිරු අධිකාරියේ පුර්ණ අනුග්‍රහය ලබාදී ඇත.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත එම අධිකාරිය මේ දිනවල මැතිවරණ කටයුතු සඳහා පුර්ණ කාලීනව මැදිහත්වී සිටියි.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින විශාමික හමුදා සාමාජිකයින්ගේ මැතිවරණ ව්‍යාපාරයට අදාළ යන වාහන, ප්‍රචාරක කටයුතු මෙන්ම රැස්වීම සංවිධාන කටයුතුද රණවිරු අධිකාරියේ සභාපති පද්මා වැත්තැව මහත්මිය වෙත පවරා ඇත. ‘රණවිරුවන්ගේ’ මැතිවරණ කටයුතු වලට අදාළ සංවිධාන කටයුතු ජෙනරාල් සොයිසා වෙත පවරා ඇති අතර, ‍ජෙනරාල් පාලිත ප්‍රනාන්දු විසින් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරයි.
‘රණවිරු’ අපේක්ෂකයින්ගේ රැස්වීම සංවිධානය කිරීමට අධිකාරිය විසින් සේවකයින් ද යොදවා ඇත.
ඒ අනුව, කළුතර දිස්ත්‍රීක්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින ‘රණවිරු’ උපුල් ගුණසේකර මහතාට අනුග්‍රහය දැක්වීම සඳහා අද (06) කළුතර දොඩන්ගොඩදී රණවිරු සේවා අධිකාරිය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති පද්මා වැත්තැව මහත්මිය මෙන්ම, ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හා ජෙනරාල් සොයිසාද මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

No comments:

Post a Comment