Wednesday, March 5, 2014

ජනාධිපතිතුමාගේ අනුමැතියත් ඇතුවයි ගෞරව උපාධිනාමය මට ලැබුණේ- උදාරි



ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව නාමයක් ලබාදී ඇත.

ඇයට ලැබුණු ගෞරව නාමය වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි වර්ණකුලසුරිය වේ.

දිවයින පුරා පිහිටා ඇති පන්සල් මගින් අත්සන් රාශියක් සහිතව ජනපතිවරයාගේ නම සහිතව උපාධි ලබාදීම ස්ථාන බොහොමයක් ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර උදාරි වෙත නිකුත් කල සහිතිකයද මෙයට පෙර සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය නමින් පවත්වාගෙන ගිය උපාධි කඩය විසින් නිකුත්කළ උපාධියට සමාන එකක් බවට වාර්තා වී තිබේ.
උදාරි පවසන පරිදි එම ගෞරව උපාධිය ඇය විසින් මුදල් ලබා දී ගත්තක් නොවන අතර ජනපතිවරයා පවා අනුමත කොට ලබදුන්නකි. උදාරි ඒ සම්බන්ධව මාධ්‍යය ලබාදුන් ප්‍රකාශය පහතින් බලන්න

"සමාජ සේවාවල් කියල දේවල් තියෙනවනේ. හුඟක් කලාකරුවෝ ඕව කියන්නේ මාධ්‍යය වලට දාලනේ.. අනේ මමනම් ඒකට කැමති නැහැ. හුඟක් අය කරන්නේ ජන්දෙට එන්න බලාගෙන නේ..මගේ මේ සමාජ සේවාවල් දකින අය අගය කිරීම් අක විදියට වෙන්නැති මට මේක ලැබුනේ..

මොකද මම නැතිබැරි අයට උදව් අවශ්‍යය අයට මාසිකවම මුදල් වෙන් කරලා අවශ්‍යය පුද්ගලයන්ට අවශ්‍යය තැන් වලට මම ලබා දීල තියෙනවා..මම සල්ලි වියදම් කරලා නැහැ ගෞරව උපාධියක් ගන්න..ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතුව තමයි මේක දීලා තියෙන්නේ..."

උදාරිට ලැබුණු සහතිකය 



No comments:

Post a Comment