Monday, March 3, 2014

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆේස් බුක් විරෝධී සටනේ

Ajith_FBනවයොවුන් තරුණ තරුණියන් සියදිවි නසා ගැනීම සඳහා Facebook සමාජ ජාල වෙබ් අඩවිය පාවිච්චි කරන බවටත්
එය ලංකාවේ තහනම් කළ යුතු බවටත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදුකළ ප්‍රකාශයන් සඳහා දැඩි විරෝධයක් එල්ලවීම නිසා Facebook තහනම් කිරීමට නොහැකිවු අතර එය තහනම් කිරීම සඳහා ආණ්ඩුවට නව තර්කයක් ලබාදීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා උත්සාහ දරමින් සිටී.
ඒ මහතා පවසන්නේ Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වනවිට අපරාධ ඇති කරන ප‍්‍රධානතම මෙවලම බවට පත්වී ඇති බවත් Facebook හරහා කරගෙන යනු ලබන තවත් ජාවාරමක් පිළිබද තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බවත්ය.
පසුගිය 18 වැනිදා රාත‍්‍රී කාලයේදී නුගේගොඩ සුභද්‍රාරාම පාරේ තෙමහල් නිවසකදී කිසියම් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මරණයට හේතුවද ෆේස්බුක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ ෆේස්බුක් හරහා පුද්ගලයන් රවටා පසුව ඔවුන් කොල්ලකෑමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

මේ අතරර ෆේස්බුක් තහනමක් පැමිණියහොත්, ෆේස්බුක් රැකගැනීම සදහා ෆේස්බුක් පිටුවක්ද ආරම්භ කර ඇත.  එහි ලින්ක් එක පහතින් දැක්වේ.

No comments:

Post a Comment