Saturday, January 25, 2014

රොකට් රෝහිත ගුවන් නියමු විභාගය අසමත් වෙලා:


ප්‍රශ්න පත්‍ර බැලු 
නිලධාරියාගේ 
වැඩ තහනම්
මරණ තර්ජන නිසා 
සැඟවි



ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලබන ගුවන් නියමු බලපත්‍ර ලබාදීමේ මූලික පරීක්ෂණයට ඉදිරිපත් වූ මැදමූලන මරාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ හෙවත් රොකට් රෝහිත එම විභාගයේ බහුවරණ ප්‍රශ්න පත්‍රය අසමත්ව ඇති අතර එම පිලිතුරු පත්‍ර අධීක්ෂණය කළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඔහුට මරණ තර්ජන එල්ල කර ඇතැයි අන්තර් ජාල මාධ්‍ය වාර්තා පවසයි. මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ ගුවන් සේවා අධිකාරියේ විභාග භාරව සිටි කරුණානන්ද මල්ලිකාරච්චි මහතායි. එල්ල වී ඇති තර්ජන නිසා මල්ලිකාරච්චි මහතා මේ වන විට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටින බවද මාධ්‍ය වාර්තා පවසයි.



ගුවන් නියමුවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවක සේවිකාවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවා ඉංජිනේරුවන්ට බලපත්‍ර ලබාදීම, සඳහා බලය ඇත්තේ ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියටය. අජඨාකාශ ගාමියෙකු වෙනවා යයි පම්පෝරි කෙළින නිසාම රොකට් රෝහිත ලෙස නම් පට බැඳුනු රෝහිත අජටාකාශයට යෑම කෙසේ වෙතත් ලංකාවේ සිවිල් ගුවන් නියමු විභාගය හෝ සමත් නොවීම නිසා ඒ ලැජ්ජාව පිට කර ඇත්තේ මල්ලිකාරච්චි මහතාගේ පිටිනි. 

රොකට් රෝහිත මූලික විභාගයෙන්ම අසමත් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මල්ලිකාරච්චි මහතා විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ප්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට විශාල මුදලකට විකුණන බවට පුවතක් නිර්මාණය කොට පසුගිය ඉරිදා තම සට්ටැඹි මාධ්‍යයක් වූ දිවයින පුවත් පත හරහා ප්‍රචාරය කෙළේය. එම පැලකරන ලද පුවත පාදක කරගනිමින් ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට ලැබී තිබුණු පෙත්සමක් ලබා ගෙන මල්ලිකාරච්චි මහතාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව මේ වන විට විශේෂ පරීක්ෂනයක් ද ආරම්භ කර තිබේ.

කරුණානන්ද මල්ලිකාරච්චි මහතා තමාට මරණ තර්ජන එල්ල වී ඇතැයි ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානියාට පවසා ඇත. පරීක්ෂණ අවසන් වන තෙක් මල්ලිකාරච්චි මහතාට සැඟවී සිටීමට උපදෙස් දී ඇති ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා විසිනි. ඉන්පසුව ජනාධිපතිවරයා සැනසීම සඳහා අදාළ විභාගයට අන්තර්ජාලය හරහා ඔන් ලයින් පිලිතුරු ලිවීමට පහසුකම් සලසා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඇති රොකට් රෝහිත අන්තර්ජාලය හරහා පරීක්ෂණයට පෙනී සිට ප්‍රශ්න පත්‍ර අටටම 100% ක් ලකුණු ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමින් විභාගය සමත් වී ඇත. ඔහු මේ වන විට රුසියාවේ මුදල් ගෙවා ඉගෙන ගත යුතු ගුවන් නියමු පාඨමාලාවක් හැදෑරීම සඳහා ගොස් සිටී.

මීට පෙර රොකට් රෝහිත සිංහල පුවත් පතකට පවසා තිබුනේ ඔහු අපොස උසස් පෙල ගණිත අංශයෙන් සමත් වූයේ මාස 6 ක් වැනි සුළු කාලයක් උගෙන ගැනීමෙන් බවයි. උසස් පෙළ ගණිතයෙන් සමත් වූ මෙලොව ඕනෑම සිසුවෙක් රෝහිතගේ කතාව පට්ට පල් කෙබරයක් බව දනිති. අයින්ස්ටයින් වලෙන් නැගිට පැමිණ උසස් පෙළ ගණිතය හැදෑරුවද ඔහුටවත් වසර 2 ක පාඨමාලා මාස 6 කින් හදාරා විභාගය සමත් විය නොහැක. 

මැදමූලන මරාගේ ලොකු පුතා වන නාමල් නාම්බාද නීති විභාගය සමත් වූයේ එහි විදුහල්පතිවරයා පිළිතුරු ලිවීමෙන් බව දැන් හෙළි වී තිබේ.

No comments:

Post a Comment