Sunday, January 5, 2014

අලූත් වසරේ නයනයි ගයාත්‍රීයි අලූත් බිස්නස් එකක


සුගිය දිනවල නයනා කුමාරි හා ගයාත්‍රී ඩයස්ගේ දැඩි මිතුරු සම්බන්ධය ගැන ඔවුන් විසින් පුවත්පත් ගණනාවකට සම්මුඛ සාකච්ඡා ලබාදී තිබුණා.

ඔවුන්ගේ අකලංක මිතුදම හැර වෙනත් කිසිවක් ගැන ඒවායේදී කරුණු අනාවරණය කර තිබුනේ නැත.
නමුත් වැඩිදුර සොයා බැලීමේදී මෙය වූ කලි ඔවුන් දෙදෙනා අලූත් වසරේ අරඹන්නට නියමිත 
ව්‍යාපාරික කටයුත්තක පූර්ව ප්‍රචාරණයක් බවට දැන් කරුණු අනාවරණය වී තිඛෙනවා.

2014 වසර පුරා ගයාත්‍රී සහ නයනා එක්වී රටවටා රූපලාවන්‍ය හා පෞරුෂත්ව වර්ධන වැඩමුළු පටන්ගන්නට සැලසුම් කර තිඛෙනවා. නයනා සහ ගයාත්‍රි රූපලාවන්‍යයට
සම්බන්ධ ආයතන දැනටමත් පවත්වා යන නමුත් මීට අමතරව පෞරුෂත්ව වර්ධනයට ඔවුන් අතගසා තිබීම අලූත්වැඩකි.
සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින අතර කාන්තාවන් හෝ නිළියන් පෞරුෂත්ව වැඩමුළු පවත්වන අවස්ථා අසන්නට නැති තරම්ය. ගයාත්‍රී ළඟදී පුවත්පතකට ඒ ගැන කියා තිබුනේ

මේ වැඩේ මාසෙකට එකක් විතර තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඕක ගිය අවුරුද්දේ කරගන්න හිතාගෙන ඉඳල බැරිවුණ වැඩක් දැන් මේ අවුරුද්දේ කරන්න තමා හිතාගෙන ඉන්නේ.

No comments:

Post a Comment