Saturday, January 4, 2014

මේනක යටගියාව වළලා නෙහාරාගේ අත ගනියි


මගේ දරුවාව

නෙහාරට ප්‍රශ්නයක්
නෙවෙයි.....
අපි ආයෙත් 
විවාහ වෙනවා....



මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුංචි තිරය ඔස්සේ ඔබ හමුවට එන ජනප්‍රියම තරු දෙපළක්. පසුගිය කාලයේ දී මේ දෙදෙනා උණුසුම් පුවත් මැවූ චරිත දෙකක් බවට පත්ව හිටියා. දෙදෙනාගේ විවාහ ජීවිත දෙදරා යාම, ඉන්පසුව මේ දෙදෙනා අලුතින් ජීවිතයක් ආරම්භ කිරීම මුල්කරගෙනයි මේ හැම කතාවක්ම පැතිරුණේ.

පස්සේ කළේ දී මොවුන් පෙම්වතුන් බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ මුල් තේරීමට වඩා දෙවන තීරණ හරි බව පවසමිනි. ඉතින් මෑතක සිටන් මේනක සහ නෙහාරා පීරිස් විවාහවීමට යනවා කියන කාරණය පසුගිය කාලයේ දීත් කතාබහට ලක් වුවා.
ඒත් ඔවුන් තවම විවාහ වුණේ නම් නෑ.... ඒත් මේ වතාවේදී නම් මේනක, නෙහාරගේ අත ගන්නවලු. ඉකුත් දින පුවත් පත් හමුවක් හා ඒක් වූ මේනක ඔවුන්ගේ විවාහය ගැනත්, ඔවුන්ගේ ආදරය ගැනත් වගේම දෙදෙනාගේ යටගියාව පිළිබදවත් මේනක පවසා සිටියේ මෙලෙසිනි.



"අපි මේ මාසයේ දී.විවාහ වෙනවා. එය උත්සවාකාරයෙන් සිදුකෙරෙන විවාහයක් නෙවෙයි. බොහොම සාමාන්‍ය විදියට කෙරෙන විවාහයක්. අපි දෙදෙනත් එදාට සැරසෙන්නේ සාමාන්‍ය විදියට. දෙදෙනාම කතෝලික ආගමේ හින්දා පල්ලියේ තමයි විවාහය සිදුකරන්නේ.





අපි දෙන්නම ඉන්නේ කලා ක්‍ෂේත්‍රය තුළ. ඉතින්, කලා ලෝකය තුළ අපිට විශාල යාළු මිත්‍රයෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැමෝටම කියන්න ගියොත් ලොකු උත්සවයක් ගන්න සිදු වේවි. ඒ හින්දා සමීපම අයටයි දෙපැත්තේ නෑදෑයින්ටයි පමණක් උත්සවය ගැන කියනවා.

අපේ මවුපිය වැඩිහිටි ආශීර්වාදය මැද තමයි අපි විවාහ වන්නේ. විවාහයෙන් පස්සේ අපේ අලුත් ජීවිතය පටන් ගන්නේ කිරුළපන මගේ නිවසේ. දැනට එහි පදිංචි මමයි, අම්මයි විතරයි.

අම්මා නිතරම මාත් එක්ක ඉන්නෙ නැහැ...... අක්කා ළඟත් ඉන්නවා. අනෙක නෙහාරාට ගේ දොර කටයුතු පිළිවෙළකට කිරීමේ ඉතාම හොඳ හැකියාවක් තියෙනවා. ජීවිතේ දී අපිට වැරදීම් සිදුවෙනවා. ඒ වැරදි හදාගෙන අලුතින් ජීවිතයට මුහුණදීම තමයි කළයුත්තේ. අලුතින් ආරම්භ කරන ජීවිතය සතුටින් සමාදානයෙන් ගෙවීම  තමයි මූලිකම සැලසුම.

නෙහාරාට මුදල් පරිපාලනය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මගෙන් වුණත් අනවශ්‍ය වියදමක් වුණොත් ඇය ඒක පෙන්වා දෙනවා. කලාව අස්ථාවර වෙන්නේ ලැබෙන මුදල අනුව නෙවෙයි. අපි මුදල් වියදම් කරන පිළිවෙළ අනුවයි. දැනට අපි දෙන්නම වෘත්තියෙන් රැඳිලා ඉන්නේ මේ තුළ. සමහර විට ව්‍යාපාරයක් හෝ වෙනයම් දෙයක් ගැන හෝ කරන්න ඉදිරියේ දී හිතනවා.





විවාහය නිසා තාවකාලිකව වත් රඟපෑමෙන් දුරස් වෙන්නේ නැහැ. දිගටම රඟපෑම්වල යෙදෙනවා.

මම, නෙහාරා හැර වෙනත් නිළියන් සමග රඟපාන්නෙ නැති බවත්, නෙහාරා රඟපාන්නේ මම සමග පමණක් බවත් පසුගිය කාලයේ රාවයක් පැතිර ගියා. ඒ කතාව බොරුවක් බව මේ වන විටත් අප ඔප්පු කර අවසන්. මේ දවස්වල මම "මුතූ, අම්මාවරුනේ, මහිංසා, සුසුමට පවා හොරෙන්" ඇතුළු නාට්‍ය කිහිපයකට එකතුවෙලා ඉන්නවා. ඒ අතරින් නෙහාරයි, මමයි රඟපාන්නේ "අම්මාවරුනේ" ටෙලිනාට්‍යයේ විතරයි. නෙහාරත් නාට්‍ය කිහිපයකටම එකතුවෙලා ඉන්නවා. ඒත් ඒවායේ නම්වත් මට මතක නැහැ.
.
සතියකට එක දවසක් රූගත කිරීම් දාගන්නෙ නැතුව ඉන්න තමයි අපි සැලසුම් කරගෙන ඉන්නේ. 

මට වගේම නෙහාරටත් අතීතයක් තියෙනවා. අද වනවිට මගේවත්, නෙහාරාගෙවත් හිත්වල කිසිම කෙනෙකු ගැන තරහක් වෛරයක් නැහැ. ඒ වගේම අපේ ජීවිතවලට ලැබිලා හිටපු අය තුළත් අපි ගැන වෛරයක්, තරහක් නෑ..... හැමදේම අතීතයට එකතුවෙලා ඉවරයි. දැන් ඒ අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ....

මගේ දරුවා කොහොමත් මගේ.... ඒ බැඳීම ඒ විදියටම තියෙනවා. මගේ යුතුකම මම දරුවට ඉටුකරනවා. ඒක නෙහාරට ප්‍රශ්නයක්නෙවෙයි."


nehara-with-menaka-in-new-york-lankamodel-1nehara-with-menaka-in-new-york-lankamodel-10nehara-with-menaka-in-new-york-lankamodel-11nehara-with-menaka-in-new-york-lankamodel-15nehara-with-menaka-in-new-york-lankamodel-19

No comments:

Post a Comment