Friday, January 24, 2014

රෝහිත රාජපක්ෂගේ සපත්තු කුට්ටමේ මිල

පාසල් ගමනට සපත්තු කුට්ටමක් ගන්නට මුදල් නොමැතිකමෙන් තම නිවසේ බාල්කයක එල්ලී දැරියක් මිය යද්දී ජනපති පුත් රෝහිත රාජපක්ෂ පළඳින්නේ ‘ලුවි විටෝන්’ නම් වූ සපත්තු වර්ගයක් බවත් සාමන්‍යයෙන් එවන් සපත්තුවක මිල ලක්ෂ එකහමාරක් පමණ වන බවද එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන ලදී. 


සැබවින්ම රෝහිත රාජපක්ෂ පලදින්නේ ලුවී විටෝන් වර්ගයේ සපත්තුද? එම සපත්තු කුට්ටමක මිල කොපමණ වේද යන්න මේ ලිපියෙන් විමසා බලනු ලැබේ. 


රෝහිත රාජපක්ෂගේ සපත්තු පමණක් නොව බඳ පටිය පවා ලුවී විටෝන් වර්ගයේ එකකි. ඒ බව සනාථ කරමින් ඔහු පසුගිය වසරේ මැයි මස 08 වනදා "ලයිෆ්" සඟරාව වෙත සම්මුඛ සකච්ච්චාවක් ලබාදී තිබේ. 



එහිදී ඔහු එය සඳහන්කොට තිබුනේ මෙලෙසිනි. 



"මම හැම තැනම සාප්පු සවාරියේ යනවා..මට හරියටම හරියන දේවල් මම මිලදී ගන්නවා..එකේ නම මුදල ගැටළුවක් නෙවෙයි. කොහම උනත් බඳ පටි හා සපත්තුවලට නම් මගේ තේරීම LV තමයි."



Where do you like to shop? 

I shop everywhere, anything that fits perfect will be purchased, price and name does not matter. However, for belts and shoes LV is my brand



ලුවිස් විටෝන් යනු ප්‍රංශයේ වෙළඳ නාමයකි. එම වෙළඳ නාමය යටතේ නිමි ඇඳුම්, සපත්තු, ඔරලෝසු, ආභරණ, අව් කන්නාඩි, පොත්පත් පවා ඔවුන් නිකුත් කරනු ලබයි. 



ලුවිස් විටෝන් 2006 සිට 2012 වසර දක්වා ලෝකයේම ඇති වටිනාම සුඛෝපභෝගී වෙළඳ නාමය ලෙසද නම්කොට ඇත. 



යුරෝපයේ සුඛෝපභෝගී වෙළඳ නාමවල නිෂ්පාදිතයන්ගේ මිල ගණන් ඉතා අධික වන අතර එහි වැසියන් බොහෝ දෙනා ප්‍රියකරන්නේ සන්නම් නාමයේ වටිනාකමට (Branded) භාණ්ඩ මිලදී ගැනීමටය.



ඉතා කුඩා නිෂ්පාදිතයක් වුවත් රුපියල් විසි දහසේ සිට ලක්ෂ ගණන් දක්වා මිල ගණන් දිව යනු ලැබේ. එසේ වූ කල ලොව මිල අධිකම සුඛෝපභෝගී වෙළඳ නාමයේ විකිණීමට ඇති අයිතමයන්හි මිල ගණන් පිලිබඳ අමුතුවෙන් කිව යුතු නොවේ. 

No comments:

Post a Comment