Tuesday, January 21, 2014

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර තවත් නිළියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි



චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන පද්මසිරි කොඩිකාර විසින් ලිංගික අල්ලසක් ඉල්ලූ බව නැගී එන නිළියක් වන ලක්ෂිකා ජයවර්ධන පවසයි.


ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කෝරළේ මහත්තයා-3 ටෙලියේ මුතූගේ චරිතය ලබාදීම සඳහාය.



ඒ සඳහා පද්මසිරි කොඩිකාර විසින් තමාව රවටා දෙහිවල ප්‍රදේශයේ හෝටලක් වෙත රැගෙන ගිය බවත්, අනතුරුව එහි කාමරයක්ටද රැගෙනයාමට උත්සාහ කළ බවත් ඇය පවසා තිබේ.



කෙසේවෙතත් එයට අවනත නොවූ ඇය විසින් එහි තිරපිටපත ලියූ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා හමුවී මුතූ ගේ චරිතය ලබාගන තිබේ. නමුත් ඒ සඳහා රූගත කිරීම් වලට රන්මිනි තැන්නට ගිය විට නළු නිළියන් සිටියදී පවා පද්මසිරි කොඩිකාර ඇයට අතවර කිරීමට උත්සාහ කළ බවද ඇය පවසයි.



කොළඹදී ප‍්‍රධාන චරිතයට තෝරාගනු ලැබු ඇයව රන්මිණිතැන්නේ දර්ශන තලයට ගිය පසු පළමු දර්ශනය සිදු කර ටික මොහොතකින් ඔහුගේ අයුතු යෝජනා වලට ප්‍රතිචාර නොදැක්වූ නිසා එම චරිතයට ඇය නොගැලපෙන බව පවසා ඇත. 


පද්මසිරි කොඩිකාර යනු පසුගිය සුමති සම්මාන උළෙලෙහිදී ජනප්‍රිය නළුවා ලෙස පිදුම් ලැබූ හා පසුගියදා විවාහ වූ විශ්ව කොඩිකාරගේ පියා ය.



මීට පෙර පද්මසිරි කොඩිකාර විසින් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කෝරළේ මහත්තයා-2 ටෙලියේ සපුමලීගේ චරිතය රඟපෑ නිළියක වන නිශානි ගමගේටද අතවර කිරීමට උත්සාහ කළ බව ඇය විසින් මාධ්‍යට හෙලිකර තිබිණි



රන්මිණි තැන්න ටෙලි ගම්මානයේ රූගතකිරීම් සිදු කරමින් තිබියදී පද්මසිරි කොඩිකාර විසින් එම අයුතු යෝජනාව කරමින් ඇවිටිලි කළ බවත්, එක්වරක් තමා නුවර ප්‍රදේශයේදී තනිකර ගැනීමට උත්සාහ කළ බවත් නිශානි පවසා තිබුණි.



මෙම අධ්‍යක්ෂවරයා තමාගේ පියාගේ වයසට ද වඩා වැඩිමහළු පුද්ගලයෙක් බැවින් ඔහුට එය අවබෝධකර දීමට උත්සාහ කළද ඉන් පළක් නොවූ නිසා කොටස් 52ක් රූගත කර තිබියදී පසුගිය අගෝස්තු 15 වෙනිදා තමා එයින් ඉවත් වූ බවද ඇය පවසා තිබුණි.



රජයේ රූපවාහිනී නාලිකාවන්හි විකාශය වන ටෙලි නාට්‍ය සඳහා පලමුව අධ්‍යක්ෂවරයා සමඟ යහන් ගතවීමටත්, අනතුරුව ප්‍රබල ඇමතිවරයෙකුගේ සයනයට ගොඩවීමටත් නිළියන්ට සිදුවී තිබේ.



ලක්ෂිකා ජයවර්ධන කෝරලේ මහත්තයා-3 හි රඟපෑ අතරතුරේ ජායාරූප පහතින්.



ලක්ෂිකා ජයවර්ධනගේ ජායාරූප එකතුවක් පහතින්.





















































































No comments:

Post a Comment