Friday, January 10, 2014

ටියුෂන් ගුරා සිසුවියක් කාමරයකට දමා දුෂණය කරලා

කියන දේ
කරපිය.... 
කෑගැහුවොත්
මරණවා.... 

අප රටේ සිටින ඇතැම් කාමාතුරයින් ගුරු නාමය යොදාගෙන කරන විගඩම් නිසාවෙන් අසරණ වන්නේ අහිංසක දැරියන් පමණක් නොව ගුරු අදුරෙක්ය යන උතුම් පදවිය කෙරෙහි ගරුත්වට තබා සිටින ගුරුවරුන් පවා මෙම සිද්ධීන් තුළින් අසරණ වන්නේ. එක ගුරුවරයෙක් වරදක් කළොත් මිනිස්සු හැම කෙනෙක්ම ගුරුවරුන් වූ ඔවුන් දෙස එකම කෝණයකින් බැලීමට පුරුදුවන බැවිණි.

අද කාලයේ මේ සිදුවන දේවල් පිළිබදව අසන්නට දකින්නට ලැබෙන දේවලුත් සමග දෙමව්පියන්ට සිය දරුවන් පාසලින් එපිට අධ්‍යාපනය සදහා අමතර පංති යැවීමට පවා හිත හදාගැනීම අපහසු කරුණක් වී තිබේ. අප සටහන් තබන මෙම පුවත ද ඉකුත් 06වැනි දින එවන් කාමාතුර ටියුෂන් ගුරෙකු විසින් සිසුවියකට සිදු කළ තවත් එක් අපරාධයක් පමණි. එම සිදුවීම අප සැකවින් මෙසේ සටහන් තබන්නෙමු.



අදාළ දැරිය අහංගම පියදිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පෙරේදා (06 දා) පස්‌වරුවේ මෙම උපකාරක පංති ගුරුවරයාගේ සිංහල පංතියට ගොස්‌ තිබෙනවා. පංතියට සහභාගි වී ආපසු නිවසට පාගමනින් එමින් සිටිය දී උපකාරක පංති ගුරුවරයා යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.

ප්‍රශ්න පත්‍ර බැලීමට තමා සමග ඔහුගේ නිවසට යන්නට එන ලෙසත් නිවසේ තවත් ළමුන් සිටින බවත් පවසා දැරිය උපකාරක පංති ගුරුවරයා විසින් යතුරු පැදියේ නංවාගෙන සිලගන්දුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්‌ තිබෙනවා. 

එම නිවසේ කාමරයක් තුළ තවත් ළමයකු සිටින බවත් ඔහුට කථා කරගෙන එන ලෙසත් ටියුෂන් ගුරා දැරියට පවසා ඇයගේ පසු පසින් ගොස්‌ දොරගුලුලා "කියන දේ කරපිය.... කෑගැසුවොත් මරණවා..." කියා පිස්‌තෝලයක්‌ පෙන්වා තර්ජනය කොට දැරිය අපයෝජනයට ලක්‌කර ඇත.

දැරිය තමාට සිදු වූ අපරාධය පිළිබදව දෙමව්පියන් ද්සනුවත් කිරීමෙන් අනතුරුව ඔහුන් අහංගම පොලීසියට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

No comments:

Post a Comment