Wednesday, January 22, 2014

මාව කුඩුකාරයෙක් සහ සමලිංගිකයෙක් කෙළේ මංගල


‘‘එයා සෑම දේම දෙනවා කියල මාව සමලිංගික තත්ත්වයට එයා දැම්මා එයත් එක්ක සමලිංගිකව හැසිරෙන්න කිව්වා“



මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතකු මෙන්ම ඒ මහතාගේ නිවෙසින් රටබීම බෝතල් සොරාගත් බව කියන ෂෙවාන් ප්‍රියංකර නොහොත් ‘‘බීච් බෝයි” පෙරේදා (20) පොලිස් මූලස්ථානය වෙත පැමිණ මංගල සමරවීර මහතාට එරෙහිව පැමිණිල්ලක් කරමින් සමරවීර මහතාගෙන් සහ ඔහුගේ අනුගාමිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි සඳහන් කර තිබේ.

මන්ත්‍රීවරයා ෂෙවාන් ප්‍රියංකර සමග සමීප සම්බන්ධයක් හරහා ලිංගික වශයෙන් සබඳතා පැවැත් වූ බවත් ඒ සඳහා ඔහු ෂෙවාන්ට මත්පැන් ආදිය දී 
පොලඹවාගත් බවත් එම ජීවිතයට සම්බන්ධවීම තුළින් තමා සහ තමාගේ පවුල් ජීවිතයද සම්පූර්ණයෙන් විනාශ කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

ෂෙවාන් ප්‍රියංකරට වෙනත් පුද්ගලයකු විසින් මංගල සමරවීර මහතා මුණගැස්සූ දිනයේ සිට වසර කිහිපයක් මංගල සමරවීර මන්ත්‍රීවරයා සමග පැවැත් වූ සබඳතාවයේ සියලු තොරතුරු එම පැමිණිල්ලේ සඳහන් වී ඇත.

මෙවැනි සමීප සම්බන්ධතාවක් පැවැත් වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා ෂෙවාන් සමග පැවැත් වූ සම්බන්ධතාව වෙනත් පුද්ගලයකු සමග පවත්වන බැවින් ෂෙවාන් පලවා හැරීම සඳහා ඔහුට එරෙහිව පොලිසියට බොරු පැමිණිලි කර ඇතැයිද කියයි.

මේ තත්ත්වය හමුවේ මංගල සමරවීර මහතාගෙන් තමාට පමණක් නොව තම බිරිය සහ දියණියගේ ජීවිතවලට ද තර්ජන එල්ල වී ඇති බව ඔහු පවසයි. ෂෙවාන් ප්‍රියංකරගේ පැමිණිල්ලේ මෙසේද

සඳහන් වෙයි. මම විදේශිකයන්ට මාර්ග උපදේශකයෙකු ලෙස රැකියාව කරනවා. ඒ අතර වෙරළේ තිඛෙන බීච් පාටිවලට ද සහභාගි වෙනවා.

ඒ අතර සුදු ජාතිකයකු සහ මගේ මිතුරකු මාර්ගයෙන් මට මංගල සමරවීර මහතා ඔහුගේ නිවසේ දී හමුවීමට අවස්ථාව ලැබුණා. ඔහු ප්‍රථමයෙන්ම මුණගැසුණු දිනයේ අපට රෙඩ් ලේබල් විස්කි බොන්න දුන්නා. පසුව මාව එම නිවසේ උඩ තට්ටුවට අරගෙන ගියා.

එදින රාත්‍රී 12.00 පමණ වෙනතෙක් මංගල සමරවීර මහතා මට නිල් චිත්‍රපට පෙන්නුවා. ඊටපසු මංගල සමරවීර මහතා මා සමග සමීප සබඳතාවයක් පැවැත්වූවා. මා ඒ වෙලාවේ හොඳටම මත්පැන් බී සිටියත් ඒ සියල්ල පිළිකුලෙන් වුවද ඉවසුවා.

පසුව මගේ පවුලේ විස්තර අහලා රැකියාවක් ලබාදෙන්නත් පොරොන්දු වුණා. නිවසක් කුලියට රැගෙන දීමටත්, බෝට්ටුවක්, මුදල්, ඇපල් අයිෆෝඩ් පරිගණක යන්ත්‍ර, ඇපල් 5 එස් හෝ 4 එස් වර්ගයේ ජංගම දුරකතන, සැම්සුන් ගැලැක්සි කැමරා, සැම්සුන් ටැබ්, ඇපල් අයිෆෝන්, ඇඳුම්, සපත්තු, සෙරෙප්පු, ඔරලෝසු, අවුකණ්ණාඩි, සුවඳ විලවුන් ආදී දෑ මට තෑගි කර තිඛෙනවා.

ඔහු මේවා දුන්නේ ඔහු සමඟ සමීප සබඳතාව පැවැත්වීම නිසයි. ඔහුගෙන් මට ගැලවීමක් තිබුණේ නැහැ. මේ සම්බන්ධය දැනුණු නිසා බිරිය හා මා අතර ආරවුල් අඩදබර ඇතිවූ බවද ෂෙවාන් ප්‍රියංකරගේ පැමිණිල්ලේ සඳහන් වෙයි. තවද ෂෙවාන් මංගල සමරවීර මහතාගෙන් ඉවත් වී සති දෙක තුනක් සැගවී සිටියත් කෙසේ හෝ විවිධ අය හරහා තමා ආපසු ගෙන්වා ගත් බවද හේ පවසයි.

මංගල සමරවීර මහතා ෂෙවාන්ගේ ජීවිතය මේ ආකාරයෙන් වැරදි දෙයකට පෙලඹවීම නිසා ඔහු මත්කුඩු, මත්ද්‍රව්‍ය, ඇතුළු දේවල්වලට ගොදුරු වී ඇති බවත් පවුල් ජීවිතයද විනාශ වූ බවත්, ඒ සියල්ල සඳහා මංගල සමරවීර මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් පැමිණිල්ලේ සඳහන් කරයි.

එපමණක් නොව දැන් තමාව මංගල සමරවීර මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ජීවිතය විනාශ වීම පමණක් නොව ජීවිතයට තර්ජන එල්ල වී ඇති බැවින් ඔහුට එරෙහිව නීතියෙන් ක්‍රියාකරන ලෙසද ඉල්ලා සිටියි.

ෂෙවාන් ප්‍රියංකර විසින් පොලිස් මූලස්ථානයට කර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

No comments:

Post a Comment