Saturday, January 11, 2014

මත්තලින් ගිය ගුවන් යානයක මොනරුන් දෙදෙනෙක් ගැට


අද උදෑසන මත්තල සිට දොහා කටාර් රාජ්‍යය දක්වා ගමන් ගත් ගුවන් යානයක මොනරුන් දෙදෙනෙක් ගැටී තිබේ.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය Fly Dubai ගුවන් සේවයට අයත් වූවක් වන අතර එය ගමන් අරඹා තිබුණේ කටුනායකින්



අනතුරුව මත්තලට ගොඩබැස්වූ එය මැදපෙරදිග බලා පිටත්ව යන පුහුණු ශ්‍රමිකයන් 28 දෙනෙකු පටවාගන මඟීන් 181 දෙනෙකු සමඟ ගමන් ආරම්භ කර තිබුනේ කටාර් බලා පිටත්ව යෑමටයි.



මෙම මොනරුන් දෙදෙනා ඇදී ගොස් ගුවන්යානයේ එන්ජින් වල හිරවී තිබෙන්නේ යානය ගුවන්ගතවීම සඳහා අධික වේගයක් ලබාගැනීමට එය ධාවන පථයේ දිගේ ගමන් කරනා අතරේදීය.



අනතුරුව යානය ආපසු මත්තල ගුවන් තොටුපෙළටම ගොඩ බැස්වා තිබෙන අතර වෙනත් ගුවන්යානයකින් මඟීන් පිටත්කර තිබෙන්නේ සවස්වරුවේ.

මොනරුන් හිරවීමෙන් ගුවන්යානයේ එන්ජින් වලට හානි සිදුවී තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මීට පෙරද මත්තල ගුවන් තොටුපලින් ගමන් ඇරඹූ හා මත්තලට ගොඩබාමින් තිබූ ගුවන් යානා කිහිපයකම කුරුල්ලන් ගැටුණු බව වාර්තා විය.

No comments:

Post a Comment