Thursday, January 16, 2014

ස්වර්ණවාහීනී ස්වර්ණ තුන්පැය බයිසිකල් වංචාවක ?


තම නාලිකාව නරඹන්නන් හට මුදල් ලබාදෙන සිරස රන්දෙපැය කොපිකිරීමෙන් "හිරු ටෙලි පෙරහැර" බැලුවොත් සල්ලි තමයි ආරම්භ විය.


මේ දෙකම කොපි කළ ස්වර්ණවාහිනිය "ස්වර්ණ තුන්පැය" නමින් ස්වර්ණවාහිනි නරඹන්නන් හට බජාජ් ඩිස්කවර් 125 යතුරු පැදියක් ලබාදීම ආරම්භ කළේය.



නමුත් ස්වර්ණ තුන්පැයේ යතුරුපැදි ලබාදීමේදී වංචාවක් සිදුවන බව අප වෙත වාර්තා වී තිබේ. ඒ පහුගිය ජනවාරි 8 වැනි දින රාත්‍රී මොණරාගල ප්‍රදේශයෙනි. 


මොණරාගල ප්‍රදේශයේ නිවසකට ධම්මික යටිකිද ප්‍රමුඛ ස්වර්ණවාහිනි කණ්ඩායම ගොස් පරීක්ෂා කිරීමේදී ස්වර්ණවාහිනී නරඹමින් සිට ඇති අතර ඉන්පසු ඩේවිඩ් පීරීස් සමාගමට අයත් ලොරි රථයෙන් යතුරුපැදිය බිමට බා තිබේ.


අනතුරුව එය අදාල නිවසේ සිටි තරුණියකට හා තරුණයෙකුට ලබා දීම සදහා සියල්ල සුදානම් කිරීමෙන් අනතුරුව නැවත ලොරියට පටවාගෙන රැගෙන ගොස් තිබේ.



මෙම අවස්ථාවට ඩේවිඩ් පීරිස් සමාගමෙන් පැමිණි නිළධාරින් ධම්මික යටිකිද ගෙන් විමසා ඇත්තේ "ඇයි අපිට මේක දෙන් නැතුව අරං යන්නේ"... යනුවෙනි.



"අපි උඩහා පැත්තට ගිහින් එමු" කියා ධම්මික යටිකිද සෙසු නඩයද කැටුව එම ස්ථානයෙන් ගොස් තිබේ.



අදාල නිවැසියන් ඉන්පසු ස්වර්ණවාහිනියට මේ පිළිබද පැමිණිලි කර තිබේ.



මීට පෙර මෙවැනි සිදුවීමක් රත්නපුරයේද සිදුවී තිබූ නමුත් අවසානයේදී එම පුද්ගලයාටයතුරුපැදිය හිමිවිය.


No comments:

Post a Comment