Friday, January 17, 2014

හේමසිරිගේ හෙළුව හෙළිවෙයි

Add caption

සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කල හා අම්බලන්ගොඩ නගරයේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ කේ.එම් හේමසිරි නම් තැනැත්තෙකුගේ ක්‍රියාකලාපය පසුගියදා බැලුම්ගල ගුවන්විදුලි වැඩසටහන මගින් හෙළිදරව් කරනු ලැබුණි. 


දකුණු පළාත් මහඇමති ශාන් විජේලාල් අමාත්‍යවරයාගේ සමීපමතයෙකු ලෙස කටයුතු කර ඇති මොහු ගම්වල වෙසෙන තරුණියන් මුලාකරමින් ඔවුන්ව ඔහුගේ ලිංගික අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත්තේ දැයට කිරුල ප්‍රදර්ශනයේ ප්‍රසංග සඳහා නිරුපිකාවන් ලෙස යොදාගන්න බව පොරොන්දු වෙමිනි.



රංගනයට, නර්ථනයට හෝ නිරූපණයට පිවිසිමේදී තරුණියකට ලැජ්ජාව නොමැති විය යුතු බවත් ඕනෑම අයෙකු ඉදිරිපිට ඕනෑම ආකාරයකින් හැසිරීමට හෝ සිරුරේ හැඩය සහ සුන්දරත්වය පවත්වාගැනීමට ඕනෑම කි‍්‍රයාවක් සිදු කිරීමට සූදානම් විය යුතු බවත් හේමසිරි විසින් පවසා තිබුණි. 


හේමසිරිගේ වැරදුනු දඩයමේ ඔහු ප්‍රකාශ කල සමහර අදහස් මෙසේය 



ආරක්ෂාව සම්බන්දයෙන් 100%ක් මම සහතික වෙනවා, ෆන් එක නැහැ කියල මම කොයි වෙලාවක වත් කියන්නේ නැහැ ,මම මොඩල්ස්ල 50ක් විතර හදල තියෙනවා, ඒ ඉස්සරහට යන අයට ලැජ්ජාව කියල එකක් නැහැ. අනෙක ඒ පනහට තියෙන දේම නේද ඔයාටත් තියෙන්නේ. 



කොටට අදින්න ඕන තැනක කොටට අදින්න ඕනේ,දැන් නාන ඇදුමක් අදින්න සිද්ද වුනොත් එකෙන් වැහිලා තියෙන්නේ පැන්ටියෙන් වැහිලා තියෙන කොටසයි අර බ්‍රා එකෙන් වැහිලා තියෙන කොටසයි විතරයි. 



නිළියකට ඉතුරු කරගන්න පුළුවන් කන්‍යාභාවය විතරයි 
හේමසිරි කොටුවූ වීඩියෝව පහතින් බලන්න





No comments:

Post a Comment