Saturday, January 4, 2014

පිරිමින් කෙරෙහි ලොල් වූ තරුණියට ඒඩ්ස් වැළදුණු හැටි


ඒවත් ආදරේම

කොටසක්
කියලයි 
මට හැගුණේ... 
මගේ කතාව ඇහුවම සමහරවිට ඔයාල මට දොස් කියයි. ඒත් මම මේ දේවල් කියන්නේ මං වගේ ජිවිතේ වරද්දව ගන්නේ නැතිව ඉන්නයි. මම රසංගි. පවුලේ අසරණකමත් එක්කලා මම කොළබ ආවේ තනියම. කළුතර ඉදන් මම කොළබට ආවේ ගාමන්ට් එකක රස්සාවක් හොයාගන්න හිතලා. ඒ වෙනකොටත් මම ආදරේ කරපු පෙම්වතෙක් මට හිටියා ඔහු නුවන් එයත් අපේ ගමේම කෙනෙක්. ඔහු ගැන විශ්වාසය තියලයි මම කොළබ ආවේ. 



ඒ වගේ ඔහු මාව ගන්න ඇවිත් හිටියා එදා රෑ මට ඔහුගේ බෝඩිමේ නතර වෙන්න වුණා. මගේ හිතේ බයක් තිබුණත්, ඔහු එවන් කෙනෙකු නොවන බව පසුව මට වැටහුණා. නුවන් කොළබ ගැන හොදට දන්නා කෙනෙක් අපි අතරේ මුලදී ලොකුවට බැදීමක් නොතිබුණු නිසාවෙන්ම ඔහු මට ගාමන්ට් එකක ජොබ් එකක් හොයලා දුන්නා. ඔහුගේ හැදුනුම් කම හමුවෙයි මට රැකියාවත් පහසුවෙන්ම ලැබුණේ.

වැඩට ගියපුවාම තමයි මම දැනගත්තේ නුවන් ජොබ් එක කරන්නෙත් ඒ ගාමන්ට් එකේම කියලා. එයා මට බෝඩිමක් හොයල දුන්න ගාමන්ට් එකේ වැඩ කරන අක්ක කෙනෙක් නතර වෙලා ඉන්න තැනක. එයාගේ නම රීටා රීටා අක්ක හරි හොදයි. බෝඩිම් ගාස්තු ගෙව්වෙත් නුවන් ම තමයි.




මම කොළබ ඇවිත් ගෙදර ගියෙමනෑ..... ලියුම් දෙකක් දැම්මා. තුන් වෙනි මාසේ දී මම ගෙදර ගියා  අනේ මම මොන තරම් කාලකන්නි ගැහැණියක් ද මම ගෙදරට පය තියන්නත් කලින් මගේ තාත්තට අලියා ගහලා මරලා දාලා කියල දැනගන්න ලැබුණා. මම සුමානයකටත් වඩා ගෙදර හිටියා. පස්සේ මට ලියුමක් අවා වහාම වැඩට එන්න කියල.
  
නුවන්ට මගේ ගැන එතරම් තැකීමක් තිබුණේ නැහැ. දවසක් මම රීටා අක්කත් එක්ක මියුසිකල් එකක් බලන්න ගියා. මගේ ජිවිතේ පලවෙනි වතාවට එහෙම දෙයක් බලන්න ගියේ. එතැන දී තමයි මට රංගව මුණ ගැහුණේ.






රංග ගැන එදා මගේ හිතට දැනුණේ වෙනදා නොදැනුනු හැගීමක්. එදා එයා මට එයාගේ ලිපිනය දුන්නා. පස්සේ මම එයාට සැරින් සැරේ ලියුම් යැව්වා එයත් මට පිළිතුරු එව්වා. අපේ ආදරේ පටන් ගත්තේ ඒ විදිහට ගිහාන් හිටියේ කටුනායක කිට්ටුවම නිසා මම වැඩ ඇරිලා එද්දී එයා හැම දවසකම මාව බලන්න ආවා.

දවල් දෙකට විතර වැඩ අරුණු දවස්වලට රංග මාව මිගමුව වෙරළට එක්කරගෙන ගියා. මීගමුව වෙරළ කියන්නේ පෙම්වතුන්ගේ පාරාදීසය කියල වෙරළට ගිය හැම වෙලාවකදීම  මට හිතුණා. කුඩ යටට වෙලා කෙල්ලෝ, කොල්ලෝ කරන දේවල් ගැන ළග ඉන්න අනෙක් අයට ගානක්වත් නැති තරම්. ගිහාන් එක්ක එහෙමෙහෙ ගියාට ගිහාන්ට රස්සාවක් තිබුණේ නැහැ. මට ඒ ගැන ගානක් තිබුනෙත් නෑ.....

සමහර දවස්වලට රීටා අක්කා නිවාඩුවට ගෙදර ගියාම බෝඩිම් කාමරේ ඉන්නේ මම විතරයි. එදාට බෝඩිමේ අංකල්ට හොරෙන් මම රංගව අපේ කාමරේ නවත්වා ගන්නවා. එහෙම හිටපු දවසක දී තමයි එයා මාව ගැහැණියෙක් කළේ. එදා එයා මට කිව්වේ එහෙම කළේ එයාට මාව නැති වේවි කියල බයටලු..... ඔය අතරේ එයා හමුදාවට බැදුණා. පස්සේ සේවා කාලය අවුරුදු පහක් යනකල් බදින්න බැහැ කියලයි එයා මට කිවේ.






එයා නිවාඩුවටආපු දවසක"රසංගි මං ගැන වරදවා හිතන්න එපා. අපේ ගෙදරින් ඔයාටකැමති නෑ... ඔයා දුප්පත් කියලා......." ගිහාන් එහෙම කියද්දී මට එදා ගොඩාක් දුක හිතුණා.

ඒත් රංග මාව අමතක කළේ නැහැ... මගේ රූපෙත් ඒකට බලපාන්න ඇති. පස්සේ අපි දෙන්න විවාහ වුණා. ඒත් මම පස්සේ රට යන්න තීරණය කලා. ගාමන්ට් එකෙන් ලැබුණු අර්ථ සාධකය අරන් මම රට ගියා.

මේ කිසිම දෙයක් අපේ ගෙදර අය දන්නේ නෑ... ඒත් රංග එයාට පුළුවන් හැම වෙලාවේම මට ලියුම් එව්වා. මමත් එයාට ලියුම් යැව්වා. සමහර දවස්වලට යුද්ධේ නිසා ලියුම් ලැබෙන්නේ පරක්කු වෙලා.

ඔය අතරේ මම පකිස්තාන් කාරයෙක් එක්ක යාලු වුණා. බොරු කියන්නේ මොකටද ස්කොලේ යන කාලෙත් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක මම යාළුවෙලා තියෙනවා. හැබැයි ඒ කාලේ වගේ නෙවෙයි පස්සේ ඇතිවුණු හැම ප්‍රේම සම්බන්ධතාවයක දීම ඔවුන් මගෙන් බලාපොරොත්තු වුණේ ආදරයට වඩා කායික සම්බන්ධකම් පවත්වන්නයි. මොනවා කරන්න ද? ඒවත් ආදරේ කොටසක් කියල හිතාගෙන මම ඒවටත් කැමති වුණා. 






මේ හැම සම්බන්ධයකම අන්තිම ප්‍රතිපලය වුණේ මම හිටිහැටියේ අසනීප වීමයි. වෛද්‍ය ප්‍රතිකාරවලට 
යොමු වුණාම තමයි මම දැනගත්තේ මට මරණයෙන් ගැලවෙන්න බැරි අසනීපයක් හැදිලා තියෙන බව.

මම වැඩ කළ තැන මාව තවත් රදවා ගන්න ඔවුන් කැමති වුණේ නෑ.... ඒඩ්ස් රෝගියෙක් ලෙස නම් කර ඔවුන් 
මාව කුවෙට්වලින් ආපහු ලංකාවට එව්වා. මම ලංකාවට ඇවිත් කටුනායකෙන් බැහැලා අපේ මහ ගෙදරටවත් නොගිහින් බෝඩිමක නතර වුණා.ඒ කිසි කෙනෙක් මං ගැන තවම දන්නේ නැහැ. 

මට ආයෙත් රංග ළගට යන්න බැහැ... මට රංගට මුහුණ දෙන්නවත්, එයාගේ ඇස් දෙක දිහා බලාගෙන මගේ කෙරුවාවන් දිගහරින්නවත් මට පුළුවන්කමක් නැහැ..... මරණය මගේ ළගට එනකල් මම ඇවිදින මළකදක් ගානයි. මගේ පවු මගේ පස්සෙන් එන බව මට නම් දැන් හොදටම දැනෙනවා. දිවි නසා ගන්න හිතුන වාර ගණන් අනන්තයි, ඒත් මේ පව් ඉතිරි කරන් මැරිලා තවත් ආත්මයකදීත් මේ දුක් විදවන්න මම කැමති නැහැ.

No comments:

Post a Comment