Friday, January 17, 2014

ෆොන්සේකගේ රැස්වීමට පොලිස් අපතයන්ගෙන් බාදා

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බලපිටියේ රැස්වීමට පොලීසියෙන් බාධා (වීඩියෝ)ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අද බලපිටියේ පැවැත්වීමට ගිය ජන හමුවකට පොලිසියෙන් බාධා එල්ල විය.  


අපේ කාලයේ යුද වීරයා වූද 30 වසරක යුද්ධය ජයගන්නට නායකත්වය දුන්නා වූද සරත් ෆොන්සේකා මහතාට රැස්වීමක් තියන්නට බලපත්‍ර නොදුන් පොලිසියේ බත් බැලයන් මේ අසහාය වීරයාගේ වේදිකාවට නැගැ පල් පාට් දැමීම නින්දාසහගතය. මෙවුන්ගේ මේ වීරකම් නැවත යුද්ධයක් පැමිනියහොත් බලාගත හැකිය. 

බලපිටිය බස් නැවතුම්පොළෙහි මෙම ජන හමුව මුලින් පැවැත්වීමට නියමිතව තිබුණ ද අවසර නොලැබීම හේතුවෙන් බලපිටිය පැරණි පොළ පැවති ස්ථානයේ ජංගම වේදිකාවක රැස්වීම පැවැත්වීමට   ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයින් තීරණය කළේ ය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා පැමිණ සිටි පිරිස ඇමතීම අරඹද්දී පොලිස් නිලධරීහු වේදිකාවට පැමිණියහ.
සිරස TV  පුවත් මගින් පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන්නැයි පොලිස් නිලධාරීන් එහිදී දැනුම් දුන් බව ය.
රැස්වීම අවසන් වීමෙන් පසු ජංගම වේදිකාව රැගත් රථය බලපිටිය ප්‍රදේශයේදීම රියදුරු සහ වේදිකා ක්‍රියාකරු සමඟ පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහන මහතා පැවසුවේ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් ඔවුන් අහුන්ගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
ජංගම වේදිකාව රැගත් රථය අධිකරණයට ඉදිරිපත් කරන බවත් , අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විමර්ශන පවත්වන බවත් ඔහු සඳහන් කළේ ය.
හැකිපමන මේ පුවත යාළුවන් අතරේ බෙදාගන්න

No comments:

Post a Comment