Saturday, April 26, 2014

ගමේ චණ්ඩින්ට ජනපති සමාව?

M_Rහම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය සාධරණ ලෙස ක්‍රියාවේ නොයෙදවෙන බවට ජනාධිපතිවරයා ඉඟි පළ කර ඇත. පෙරේදා (24) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ පවසා තිබේ.

“දේශපාලඥයෝ නීතිය අතට අරන් හුඟක් කල්. ඒත් මම කළින් කිවුව වගේ නීතිය අතට ගන්න කාටවත් බෑ. ඒකට ඉඩදෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙනවා. හැබැයි අමතක කරන්න එපා අපේ කතානායකතුමාට මිනිස්සු පන්න පන්න ගැහුවා දැදුරු ඔය ව්‍යාපාරය ආරම්භ කරන්න ගියාම. අපේ ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ජනතාව පහර දීලා තියෙනවා. එතකොට කියන්නේ ජනතා විරෝධය කියලා. විපක්ෂයේ අයට ගැහුවාම මැර ප්‍රහාරයක් කියනවා. මේවා වාර්තා වෙන විදියයි වෙනස්. ඔය ගිසි ප්‍රශ්නයක් නෑ ගමේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයොත් එක්ක ගියානම්.“
ජනාධිපතිවරයා පසුගිය දා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදීත් මෙබදු ආකල්පයක් පළ කළ අතර, එහිදී හෙතෙම පැවසුවේ, ආණ්ඩුව ර‍ට සංවර්ධනය කරන විට, සමහරුන්ට ඒවා විහිළුවට ගන්නා බවයි.
”වරායක් හැදුවා දකුණේ. හම්බන්තොට වරායේ ගල් තියෙනවා කිවුවා. ඒක හින්දා අපි ඒක පිහිනුම් තටාකයක් කරනවා කිවුවා. මත්තල ගුවන් තොටුපළ කෞතුකාගාරයක් කරනවා කිවුවා. මේ රටට අපි සංවර්ධනය ගෙනත් දුන්නම ඔවුන්ට විහිළුවක්. අපේ ගමේ මිනිසුන් ඒකට ඉඩ දෙයිද?”යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

No comments:

Post a Comment