Friday, February 21, 2014

ජීව අත්බෝම්බයක්‌ පෙන්වා සිසුවියට අතවර කිරීමට හැදූ දෙදරු පියා අත්අඩංගුවට


කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක්‌ව පාසල් නිල ඇඳුමින්ම කැලණිය පින්තාලිය පාර කුරුඳුවත්ත හංදියේ පිහිටි පාළු නිවසකට රැගෙන ගොස්‌ මෙරට  නිෂ්පාදිත ජීව නාශක අත් බෝම්බයක්‌ පෙන්වා බියවද්දා ලිංගික අතවර කිරීමට තැත් කළ තිස්‌ හතර හැවිරිදි දෙදරු පියකු 18 දා එම අවස්‌ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසිය සමත් විය 


අත් අඩංගුවට ගත් පුද්ගලයා ගෝනහේන වෑබඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්‌ වන අතර මෙම සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබූ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත 18 දා දහවල් 2 00 ට පමණ මෙම දැරියව රැගෙන කැලණිය පින්තාලිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පාළු නිවසකට ඇතුළු වූ අයුරු දුටු ප්‍රදේශවාසියෙක්‌ පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම්දීම නිසා මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 

පාසල් සිසුවිය අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා රාගම රෝහලට ඇතුළත්කර ඇති අතර ජීව අත් බෝම්බයක්‌ ළඟ තබා ගැනීම බාල වයස්‌කාර දැරියකට ලිංගික අතවර කිරීම යන චෝදනා මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

No comments:

Post a Comment