Tuesday, December 24, 2013

නුගේගොඩ ගණිකා මඩමක් හිමි කෝටිපතියා ගණිකාවන් සමග මාට්ටු

පැයකට රුපියල් හයදසයි



දේශපාලන සම්බන්ධකම් ඇතිව,නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩම හිමි කෝට්පති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පරීත්‍ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය පවසයි.


එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගිය මෙම  ගණිකා මධ්‍යස්ථානය
පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත ඔවුන් විසින් 17 රාත‍්‍රියේ අදාළ ගණිකා නිවාසය වටලා කළමනාකරු සහ ගණිකා වෘර්තියේ නිරතව සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිය.




නුගේගොඩ පමණක් හෝටල් පහක් හිමිව ඇති එම හෝටලයේ හිමිකරුට අතුරුගිරියේ හෝටල් 02ක් රාත‍්‍රී සමාජ ශාලාවක් සහ බලපත‍්‍ර සහිත මත්පැන් අලෙවි සැලක් ඇතැයි අනාවරණය වී ඇත.

ගණිකා ජාවාරම පවත්වාගෙන ගිය කාමර 13 කින් සමන් විත එම හෝටලය ඉකුත් අපේ‍්‍රල් මාසයේ දි රුපියල් කෝටි 3.5 කට මිල දී ගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.




මෙහි ගණිකාව සමග කාමරයක් පැයකට රුපියල් 6000කට වෙන් වන බවත් වැඩි වන සෑම පැයකටම රුපියල් 2000 බැගින් අයකරණ බවත් අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුටගත් කළමනාකරු බුලත්සිංහල පදිචිකරුවෙක් වන අතර තරුණියන් දෙදෙනා පස්සර සහ සපුගස්කන්ද යන ප‍්‍රදේශවල පචිංචිකාරියන් ය. ගණිකා වෘත්තියේ නියැළුණු අදාළ තරුණියන් 21 ත් 23ත් අතර වයස්වල පසුවන්නන් ය.

අදාළ සැකකරු හා සැකකාරියන් දෙදෙනා ඊයේ(18) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට රුපියල් 50 000ක ශරීර ඇප මත හා සැකකාරියන්ට රුපියල් 2000ක ශරීර ඇප මත මුදා හැර තිබෙන බව ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි.

ඔවුන් නැවත ලබන 29 වන දින කැදවීමට නියමිත අතර මිරිහාන පොලිසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

No comments:

Post a Comment