Thursday, December 19, 2013

අකිල බබා ගැන ඒමී කියන කතා !

nilukshi-amanda 410px 19-12-13

ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්ධර බබෙක් වගේ යැයි ඔහුගේ පෙම්වතිය වන නිරූපන ශිල්පිනියක් හා නිළියක් වන අමන්දා නිලුක්ෂි (ඒමී) කියයි.
ඇය මේ බව පවසා ඇත්තේ
කලා පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
අකිල බබෙක් වගේ උනාට අමන්දිට තදින් කේන්ති යන බවද ඇය පවසා ඇත.
තමා අකිල සොයා නොගිය බවත් අකිල තමා සොයා ආ බවත් ඇය පවසන්නීය.
ඇය අකිලගේ හමුව ගැන මෙසේද කියා තිබේ.
'' එයා මාව මුලින්ම දැකලා තියෙන්නෙ ටී.වී. එකේ ෆැෂන් ෂෝ එකකදි. එවලේ ඉඳලා මාව ෆලෝ කරලා. ගයාන් ශ්‍රීමාල් කියන අයියා හරහා තමයි මාව මුලින්ම කන්ටැක්ට් කරන්න හදලා තියෙන්නෙ. මම ගණන් ගත්තෙ නැහැ.
අඩුම තරමෙන් මගෙ දුරකතන අංකයවත් දුන්නෙ නැහැ. අකිල අපේ ෂෝ එකක් තියන තැකකට ආවා. මම ගණන් ගත්තෙ නැති නිසා මගෙ තාත්තව යාළු කරගන්න හැදුවා. ඒත් තාත්තා එයාට අහුවුණේ නැහැ. ඔන්න එක දවසක් ගයාන් කිව්වා අකිල ඔයාට පිස්සු වැටිලා ඉන්නෙ කියලා. එයා එවෙලෙම කෝල් එකක් අරන් ෆෝන් එක ලවුඩ්ස් පීකර් දාලා මට අහන්න දුන්නා. අකිල එවෙලෙත් ෆෝස්බුක් එකේ මගෙ පිංතූර බල බලා ඉඳලා තියෙන්නෙ.''
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලෙන් අධ්‍යාපනය ලද ඒමි 2015 දී පමණ විවාහ වන බවත් කියන්නීය.

No comments:

Post a Comment