Thursday, December 19, 2013

ගංජා ලංකාවේ නීති ගත කරන්න යයි

Marujuana 450px 13 12 17ගංජා වගා කිරීමට හා භාවිතයට පනවා ඇති නීති ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තාවේ.
මේ සදහා
ගංජා නීතිගත කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට අදහස් කර ඇති බවත් ඒ වෙනුවෙන් පරීක්ෂණ සදහා කමිටුවක් ද පත්කොට ඇති බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක පවසයි.

ආයුර්වේද ප්‍රතිකාර සදහා වටිනා ඖෂධයක් වන මෙම ශාකය යොදා ගැනීම සදහා වන නීති හරස් වීම හේතුවෙන් වටිනා එයින් ලබා ගැනීමට ඇති ප්‍රයෝජනය වැලකී ඇති බවද පවසා සිටි.

කෙසේ නමුත් අදාළ පනත සම්මත වුවහොත් ගංජා වගා කිරීමට මෙන්ම අපනයනයටද ඉඩක් විවෘත වන බවටද තොරතුරු හෙළිදරව් වේ.

මේ වන විට වෛද්‍ය වුවමනාවන් වෙනුවෙන් ගංජා නිශ්පාදනය නීතිගත කළ රාජ්‍ය කිහිපයක්ම ඇති අතර ගංජා පානය හා නිශ්පාදනය පූර්ණ වශයෙන් නිදහස් කර නිතිගත කර ඇත්තේ උරුගුවේ රාජ්‍යය පමණි.
තෛලෝක විජයාපත්‍ර නමින් හැඳින්වෙන මෙය වා පිත් සෙම් යන තුන්දොස් සමනය කරන ඖෂධීය ගුණයෙන් යුක්ත බව පැවසේ

No comments:

Post a Comment