Thursday, December 19, 2013

ඉරාන ජාතික පෙම්වතිය සමග මාලක සිල්වාගේ විවාහය තීන්දුයි !


මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ විවාහය ඔහුගේ ඉරාන ජාතික පෙම්වතිය සමගින් සිදු කිරීමට එම මර්වින් සිල්වා විසින් එකඟ වී ඇත. 


මාලක සිල්වා විසින් දේශීය විදේශීය පෙම්වතියන් දුසිම් ගණනක් සමග ආශ්‍රය කලද මාලක අසරණ වූ විට ඔහු අසල සිටියේ ඔහුගේ ඉරාන ජාතික පෙම්වතිය පමණි.



පසුගිය කාලයේ ඔඩෙල් රථ ගාල තුලදී මාලකට ප්‍රහාරයක් එල්ලවී ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ අසලින් සිටියේ මෙම ඉරාන ජාතික පෙම්වතිය වේ. 



මර්වින් සිල්වා විවාහ වීමට ප්‍රථම මුස්ලිම් ජාතික තරුණියකට ප්‍රේම කොට ඇතත් එම මුස්ලිම් තරුණියගේ දෙමාපියන් අකමැති වීම හෙයින් එම විවාහය සිදුවී නැත. නමුත් එම දෙමව්පියන් සිදුකල දෙය සිය පුතාට සිදුවීමට ඉඩ නොතබා මර්වින් විසින් මාලක ට ඔහුගේ කැමැත්තට විවාහය සිදුකිරීමට ආශිර්වාද කොට ඇත. 



මාලක ගේ විවාහය සම්බන්ධ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිත අතර ඒ පිළිබඳව මර්වින් සිල්වා පාර්ලිමේන්තුවේ ද හෙළිකොට සිටියා. 



මර්වින් සිල්වාගේ කතාව පහතින් බලන්න 




මේ වැරදි අර්ථකතන දෙන්න එපා..කසාදයක් බැන්ද පමණින් දේශයක් හින්දු වෙන්නේ නැහැ..දැන් බලන්න මගේ පුතා බඳින්න යන්නේ ඉරානේ ළමයෙක්..ඉතින් මගේ පුතා අයිතිය ඉරානෙට?.හරි වැඩක් නේ මේක..



මමත් මුස්ලිම් ජාතික කාන්තාවකට ප්‍රේම කළා..එයා කැමති උනා.. 

(සභාවේ අය සිනාසෙයි) 


ඔය හිනාවෙන කට්ටිය ප්‍රේම කරලා නැහැ..ඔයගොල්ලෝ කරලා තියෙන්නේ රේප් ..මම ප්‍රේම කළා..මම රේප් කරේ නෑ ජීවිතේට...හැබැයි එකේදී ඒ දෙමව්පියෝ අකමැති නිසා ඒ විවාහේ උනේ නැහැ.. 






No comments:

Post a Comment