Thursday, December 19, 2013

අගමැතිගේ සුදු හුණු ගෑ සර්වාගමික සාකච්ජාව



එතැනට අගමැතිවරයා පැමිණ නොසිටි අතර ජාතික සමඟිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානය නම් වූ සංවිධානයක් විසින් මාධ්‍ය සාකච්ච්ජාවක් පැවැත්වූයේ කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට ලිපි යැවූ බවට අගමැතිවරයාට එල්ලවී ඇති චෝදනා

වලට සුදුහුණු ගා එතුමාට චරිත සහතික ලබාදීම සඳහා ය.

එම සංවිධානයේ සාමාජිකයෙකු වූ පඤ්ඤාසාර හිමියන් පැවසුවේ මත්ද්‍රව්‍ය නිදහස් කරන්න කියලා මේ ලියුමේ කෙලින්ම ලියලා නැති බවයි. 


එබැවින් අගමැතිවරයා චෝදනාවෙන් නිදොස් වන අතර කුඩු කන්ටේනරය පිළිබඳ පරීක්ෂණ අවසන් වීමටත් ප්‍රථම අගමැතිවරයා අත්අඩංගුවට ගත යුතු හා අස්විය යුතු බවට ජාතික හෙළ උරුමය කරන ප්‍රකාශ කෙතරම් ම්ලේච්ඡ සහගතදැයි අසා සිටියා.

කහටපිටියේ පඥ්ඥාසාර හිමි
මත්ද්‍රව්‍ය නිදහස් කරන්න කියලා මේ ලියුමේ කෙලින්ම ලියලා නෑ කොහෙවත්. ප්‍රමාද ගාස්තු හා වරාය ගාස්තු නිදහස් කරන්න් කියලා කිව්වහම මේ පුද්ගාලයා දැනගන ඉඳලා නෑමේකෑ මත්ද්‍රව්‍ය තියනවා කියලා. ඒක නිසා මේක මෙයාගේ අතින් නොදැන වෙච්ච දෙයක්.

කඹුරුපිටියේ වජිර හිමි

දිමූ ජයරත්න මැතිතුමාගේ දේශපාලන ජීවිතයත් පිරිසිදුයි, පෞද්ගලික ජීවිතයත් පිරිසිදුයි. එබඳු දේශපාලකයෙකුට වැරදි චෝදනා එල්ල කරලා මඩ ගහන්න උත්සාහ කරනවා නම් ඒක මහා අපරාධයක්.

සරත් හෙට්ටිආරච්චි පියතුමා

දිමු ජයරත්න මැතිතුමාගේ චරිතය කෙළෙසමින් දේශපාලන මතයක් ගොඩනඟන්න කටයුතු කිරීම ඉතාම් අපහත් ක්‍රියාවක් විදිහට අපි හඳුන්වනවා.

හසන් මව්ලානා මව්ලව්තුමා

විශිෂ්ඨ නායකයෙක් වශයෙන් කටයුතු කරන අග්‍රාමාත්‍යතුමාට විවිධ චෝදනාවන් එල්ල කරනවා නම් සර්වාගමික පූජකවරුන් වශයෙන් අපි හෙලා දකිනවා.

එම වීඩියෝව පහතින්.

No comments:

Post a Comment