Friday, December 27, 2013

වාසුගේ කරුණු දැක්වීමට ගෝඨා කිපෙයි


ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ නගරයේ සහ ඒ අවට ඉඩම් පවරා ගැනීමට බලය ලබාදීමේදී එම ඉඩම්වල පදිංචිකරුවන්ට වන අඩත්තේට්ටම් නතර කිරීම සඳහා වාසුදේව නානායක්කාර මහතා එම කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.
එම නිරීක්ෂණයන් හි දැක්වෙන්නේ ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ නගරයේ සහ ඒ අවට ඉඩම් පවරා ගැනීමේදී හමුදා ඇඳුමින් සැරසුනු නිලධාරීන් විසින් එම ඉඩම්වල පදිංචි ජනතාවට වාචිකව කරුණු දැක්වීම නොකල යුතු බවත් හමුදා ඇඳුමෙන් සැරසී හමුදා මෙහෙයුමක් ලෙස මෙම කටයුතු කරවීම මිනිසාගේ නිදහසට හා මූලික අයිතියට පරස්පර බවත්ය.
මේ සම්බන්ධයෙන් තමන් විසින් යවන ලද ලිපියකට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ථ විරහිත පිළිතුරක් එවා ඇතැයි වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
කෙසේ නමුත් 'ලංකා ට්රුත් ' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, වාසුදේව නානායක්කාර මහතා ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණයන් දැකීමෙන් මහත් සේ කිපී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම කෝපය ප්‍රකාශවන අන්දමේ ලිපියක් ලියා වාසුදේව නානයක්කාර මහතා වෙත එවා ඇති බවයි.

No comments:

Post a Comment