Thursday, December 19, 2013

ඔව් මම කතා කළා - අරුන්දික හඬා වැටේ

Arundika
නීති විරෝධී ලෙස එතනෝල් ‍බහාලුම් දෙකක් ආනයනය කිරීමේ සිදුවීමට අදාල රේගු පරීක්ෂණවලදී තමන් රේගු නිලධාරියෙකුට දිගින් දිගට ඇමතුම් ලබාදුන් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

පෙරේදා (17) දෙරණ නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකදී
ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එතනෝල් ආනයනය සම්බන්ධ අභ්‍යන්තර රේගු පරීක්ෂණයකදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒවා නිදහස් කරගැනීමට මැදිහත්වී ඇතැයි හෙළිදරව් කරන ලදී.

මෙහිදී එම වැඩසටහනට දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ 
අරුන්දික මන්ත්‍රීවරයා එසේ අදාල නිලධාරියාට දුරකථන ඇමතුම් ලබාදුන්නේ ඒවා නිදහස් කරගැනීමට නොවන බවත් ඉහළින් එල්ලවන දේශපාලන බලපෑම්වලින් ඔහුව බේරාගැනීම සඳහා බවත් පැවසීය.

කෙසේ වුවද ‍මෙම නිලධාරියා අරුන්දික මන්ත්‍රීවරයාගේ මස්සිනා කෙනෙකු බව පැවසෙන අතර මන්ත්‍රීවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර ඔහුගේ අංශය යටතට මෙම බහාලුම් දෙක මාරු කරවා ගෙන ඇති බවත් සුරාබදු නිලධාරීන් විසින් බහාලුම් දෙක නතර කරනු ලැබූ ග්‍රේ ලයින් පර්යන්තයේදී එම නිලධාරියාගේ ජංගම දුරකථනයට මන්ත්‍රීවරයා විසින් දිගින් දිගට ඇමතුම් ලබාදී ඇති බවත් අභ්‍යන්තර පරීක්ෂණයේදී හෙළිවී තිබිණ


වීඩියෝ බලන්න

No comments:

Post a Comment