Thursday, December 26, 2013

මවත් දුවත් පොලිසිය ඉදිරියේ නිරුවත් වෙයි


පුළුවන් නම්

දැන් මාව
අත්අඩංගුවට
ගන්න.....


ගංජා විකුණන කාන්තාවක් පිළිබදව ඊයේ (25) පොලීසිය වෙත ලැබුණු තොරතුරක්මත පොලිසිය වැටලීමක් සිදුකර ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේ දී අදාළ කාන්තාව ඇඳ සිටි ඇඳුම ගලවා
දමා අනතුරුව පොලිසියට රැගෙන යන ලෙසට පවසා ඇත. මේ අයුරින් පොලිස් නිලධාරීන් ඉදිරියේ නිරුවත පෙන්වීමේ සිද්ධියට මුහුණ පා ඇත්තේ අම්බලන්තොට පොලිස් ස්ථානයේ සිටි නිළධාරින් පිරිසකට ය.

"අම්බලන්තොට, මලවෙවත්ත ප‍්‍රදේශයේ කුඩා කඩයක ගංජා විකිණීම සිදුකරණ මෙම කාන්තාව ගංජා සමග පොලිසියට හසු වී පොලිසියට රැගෙන යාමට සුදානම් වීමේ දී ඇය රෙදි ගලවා දමා දැන් පොලිසියට රැගෙන යන ලෙසට නිලධාරීන්ට පැවසුවා." යනුවෙන් මෙම වැටලීමට එක් වූ අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඩි.එච්.වී.ජේ. සමන්ජිත් මහතා මාධ්‍ය හමුවකට පවසා තිබුණි.


එසේ ඇය රෙදි ගලවාගෙන සිටින විට දී ඇයගේ තරුණ දියණිය ද පැමිණ ඇගේ උඩුකය රෙදි ගලවාගෙන අම්මා දුෂණය කරන්න හදනවා කියා පොලිස් නිලධාරීන්ට බැණ වැදුනු බවද සමන්ජිත් මහතා පවසා තිබුණි.මවගේ සහ දියණියගේ හැසිරීම පොලිස් නිලධාරින්ද කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූවකි.

අදාළ වැටලීමට පොලිස් කාන්තාවන් ද සහභාගී වී සිටි අතර ඔවුන් විසින් පොලිසිය ඉදිරියේ නිරුවත් වූ පනස් හැවිරිදි කාන්තාවට රෙදි අන්දවා ගංජා සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 

No comments:

Post a Comment