Sunday, December 29, 2013

හෙදියන්ගේ යට ඇදුම් උස්සලා


ග්‍රීස් යකා

ම්බන්තොට
හෙද 
විදුහලට පනියි
  
ඇතැම් පුද්ගලයින් කාන්තාවන්ගේ යට ඇදුම් සොරකම් කිරීමටත්, ඒවා ඇග ලා ගැනීමටත්, විටෙක එසේ සොරාගත් කාන්තා යට ඇදුම් ස්පර්ශ කිරීමට ලොල්ව ඇත්තේ ඇයි ද යන්න අපට ද සිතා ගත නොහැකිය. කාන්තාවන් දිය නාන තැන් හි සැගව සිට විටෙක ඔවුන් බියවද්දවමින් මොවුන් ලබන්නේ කෙබදු වින්දනයක් ද? රට පුරාම කලක් විසිර සිටි ඔවුන් වරෙක කාන්තාවන් ඉදිරියට එන්නේ ගතේ නූල් පොටක්වත් නොමැතිව අමු නිරුවතිනි. ඒ නිසා ම ඔවුන් 'ග්‍රීස් යකුන්' ලෙසත් ප්‍රකට වුණි.

එවන් ග්‍රීස් යකෙක් පිළිබදව අපට අදත් අසන්නට ලැබුණේ හම්බන්තොට හෙදි විදුහලෙනි. මේ වන විට
හම්බන්තොට හෙදි විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටින හෙද සිසුවියන්ගේ යට ඇඳුම් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයකු හෙදි විදුහලේ මුරකරුවන්ට හසු වී ගුටි පුජාවකින් අනතුරුව හම්බන්තොට පොලීසියට බාරදී තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.



සිද්ධියට අදාළ සැකකරු පොලීසියට බාරදෙන විට ඔහු කොට කලිසමක් ඇඳ සිටි අතර එයට යටින් කාන්තා  යට සායක් කකුලක පටලවාගෙන තිබේ. එය ගලවා දීමේ දී කාන්තාවන් පරිහරණය කරන නිල්පාට කාන්තා යට ඇඳුමක් සැකකරු ඇඳගෙන සිටිය බව පොලීසිය පවසයි.

සැකකරු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. 



No comments:

Post a Comment