Thursday, December 19, 2013

දුෂ්‍යත් , හෂිනි හුටපටය නැවතත්


බ කවුරුත් හොදින් දන්න පසුගිය දිනවල බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වුණ චරිත දෙකකි දුෂ්‍යත් වීරමන් සහ හෂිනි ගොනගල. සිරස රියැලිටි වේදිකාව තුළින් මේ දෙපළ සිය නර්තන දක්ෂතාවය කෙතරම් ද යන්න පිළිබදව ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අපේ ලාංකිකයන්ට ද පෙන්වීමට සමත් වුවා.
ඉතින් නර්තනය නිසා දුෂ්‍යත් වීරමන් සහ හෂිනි ගෝනගල කියනා දෙන්නා  බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වුවා මේ ප්‍රසිද්ධිය නිසාවෙන් ම මේ දෙදෙනා අතර සම්බන්ධතාවයක් ඇති බවට ද රාවයක් පැතිර තිබුණි. ඉතින් මේ කට කතා හෂිනිට කරදයක් වූ නිසාවෙන් ම හෂිනි  දුෂ්‍යත් හළා දමා ඉදිරියටත් සිය නර්තනය කරගෙන යාමට තීරණයක් ගෙන ඇත.

පසුගිය දිනවල ඇතැම් වෙබ් අඩවි හරහා හෂිනි සහ ඔහුගේ පෙම්වතා යයි හදුන්වාදුන් ඡායාරූප රාශියක් අන්තර්ජාලයට එක කර තිබුණි. එහෙත්  ඔහු ඇගේ ළගම හිතවතෙකු බව පවසමින් හෂිනි එම කතාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා ය.


ඒ දේවල් කෙසේ වෙතත් අප මේ කතා කරන්නේ දුෂ්‍යත් වීරමන්, හෂිනිට ගෙන එන යෝජනාවක් සම්බන්ධයෙන් ‍පැතිර තිබෙන කතාවක් සම්බන්ධයෙනි.

දුෂ්‍යත් වීරමන් විසින් හෂිනිට ආදර යෝජනාවක් කළොතින් හෂිනි ඒ යෝජනාව එක හෙළාම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවාලු‍.... හෂිනි මේ ගැන පැවසුවේ දුෂ්‍යත් වීරමන් සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශන්යකට පිළිතුරු දෙමිණි. හෂිනි ඒ සම්බන්ධයෙන් මේ අයුරින් ද පවසා තිබුණි.

"දුෂ්‍යත් වීරමන්ගේන් ඒ වගේ ආදර යෝජනාවක් කවදාවත් යොමු කරන්නේ නැහැ කියල මං දන්නවා...."

ඉතින් හෂිනිගේ මේ ආරංචියත් එක්කම හෂිනි මේ දිනවල යෙදිලා ඉන්න  වැඩකටයුතු පිළිබදවත් අපට දැනගන්නට ලැබුණි. ඇය "අජාසත්ත" චිත්‍රපටයේ රූගත කිරීම්වල  නියැලි සිටියි. එහි රූගත කිරීම්  අනුරාධපුරයේ සහ කොළොන්නාව  යන ප්‍රදේශයන්වල දි මේ දිනවල සිදු කෙරේ. 

No comments:

Post a Comment