Friday, December 20, 2013

මසක් තිස්සේ නිවාස අඩස්සියේ සිටින නාවික සෙබළුන්


තිස් වසරක යුද්ධයකින් පසු දැයට නිවහල් රටක් උරැම වී ඇත. යුද්ධයෙන් බැට කෑ නාවික සෙබලුන් අනෙක් සිවිල් පුද්ගලයන් සේම යුද්ධයෙන් පසු තම දරු පවුල් සමග සතුටින් ජීවත් වීමට ප්‍රිය කරති. 

නමුත් බලහත්කාරයෙන් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනා ක්‍රිඩා කරනු ලබන රගර් තරගයන් සදහා
ආරක්ෂාව සහ ප්‍රේක්ෂකයින් වශයෙන් නාවික සෙබලුන්ගේ නිවාඩු අත්හිටුවා සහභාගී කරවීමට තරම් නාවික හමුදා පාලනය රළු වී ඇත. 

ඒ අනුව නාවික හමුදා මුලස්ථානයේ රාජකාරී නියුතු නාවිකයන් 7500 ක් පමණ මසක පමණ කාලය සිට නිවාස අඩස්සියේ තැබීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත. එකවර මෙහි නවාතැන් ගැනීමට හැක්කේ නාවිකයින් 3000 කට පමණක් වන අතර ආහාර සැපයීමේ පහසුකම් ඇත්තේ 1500-2000 කට ආසන්න පිරිසකට පමණි.

පසුගිය සතියේ අවසන් වු නයිට්රේස් තරග සදහා දිවා රාත්‍රි වැලි කොට්ට ගැසු සෙබලුන්ගේ වෙහෙස නිමාවීමටත් ප්‍රථම නිවාඩු අත්හිටුවා මේ සිදුකරනුයේ බලවත් අසාධාරණයක් නොවේද? 


විවිධ ගැටලු මැද දිවි ගෙවන සෙබලුන් මග බලා සිටින්නේ සති අන්තයේ තම නිවෙස් බලා යාමටය. නමුත් ඒ මානුෂිය හැගීම ඉවත් කර සීමිත පිරිසකගේ සතුට වෙනුවෙන් මෙම නාවිකයින්ට නිවාස අඩස්සියේ සිටීමට සිදුව ඇත. 

තවද මෙම අමානුෂික පාලනය හේතුවෙන් පසුගිය දිනක නාවික නිළධාරියෙකු වේයන්ගොඩදී දුම්රියට පැන සියදිවි නසා ගත්තේ තම බිරිදගේ අසනීප තත්වය හමුවේ නිවාඩු ලබා නොදීම නිසාවෙනි.


නාවික හමුදාවේ නොමැති එක්තරා ප්‍රභූ පුතෙකු නාවික හමුදාවට ක්‍රිඩා කරනුයේ තම බලය සියතට ගනිමින් වන අතර ක්‍රිඩා තරග ආදායමින් 75% ප්‍රමාණයක් ඔහු ලබා ගනී. ඉතිරි වියදම් නාවිකයින්ගේ වැටුපෙන් මසකට රැපියල් 100 බැගින් අඩු කිරීමටද ඔහු නාවික හමුදා පාලනයට බල කර ඇත. 

මේ ඔබේ අවධානය පිණිසයි. අපට නිදහස ලබා ගැනීමට සහය වන්න ! 
(නම සඳහන් නොකළ නාවික සෙබලෙක් විසින් යොමුකළ ලිපියකි) 


නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනා ක්‍රිඩා කරනු ලබන රගර් තරඟ වල ප්‍රේක්ෂකයින් වශයෙන් නාවික සෙබලුන්ගේ නිවාඩු අත්හිටුවා සහභාගී කරවීමට නිකුත් කළ ලිපිය පහතින්. 

No comments:

Post a Comment