Tuesday, December 24, 2013

උදාරි දඟකාරකමින් මිදිලා අහිංසක වෙලා


සැමියා නැති
පාළුව 

වැඩිපුරම 
දැනෙන්නේ නෑ....



පුංචි තිරයේ දඟකාර චරිතයක් වූ ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 'සංසලා' නමින්. වසර දෙකක නිහැඩියාවකින් පසු නැවත රංගනයට එක්වන ඇය 'උදාරිවර්ණකුලසුරිය' යි. උදාරිගේ රසික, රසිකාවියන් වෙනුවෙන් අපි ඇගේ ජිවිතයේ අලුත්ම තොරතුරු පිළිබදව සොයා බලන්නට සිතුවා.



වසර දෙකකට පස්සේ උදාරි නැවතත් රංගනයට අවතීර්ණ වෙලා. සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන, නිල්වලා ආයතනය නිෂ්පාදනය කරන 'ආදර දෑසක්' ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න උදාරිට අවස්ථාව ලැබුණා. සුජීව ප්‍රසන්න ආරච්චි ලියූ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි මෙම නාට්‍ය නිර්මාණය කරන්නේ. 



උදාරි එහි නිරූපණය කරන්නේ 'භූමිකා' කියන චරිතය යි. එය බොහොම තැන්පත් අහිංසක චරිතයක් බවයි අපට නම් දැනගන්නට ලැබුණේ. දියණියත් එක්ක රංගනයට ආරාධනාවක් ලැබුණොත් උදාරි එය භාරගන්නවාද? යන්න පිළිබදව පසුගිය දිනක මාධ්‍ය හමුවක දී ඇගෙන් විමසු අවස්ථාවේ දී උදාරි පවසා සිටියේ මෙවැන්නකි.




"දුවට තාම අවුරුද්දයි. ඉතිං රඟපාන්න ඇයගේ කැමැත්තක් අවශ්‍යයි. ඇයට තාම දැනුම් තේරුම් නැති නිසාත් දියණිය කුඩා නිසාත් ඇයත් සමග රඟපාන්න කැමැත්තක් නෑ......

දුවත් අනාගතයේ රංගන ක්ෂේත්‍රය තෝරා ගත්තොත් මවක් විදිහට ඇයගේ කැමැත්තට ඉඩ දෙනවා. අධ්‍යාපනය අතින් සමාජය පැත්තෙන් ඇය දැනුවත් වුණාට පස්සේ ඇය කැමති ක්ෂේත්‍රයක් තෝරා ගන්න අවස්ථාව දෙනවා."





උදාරි දැන් මවක්, ඒත් ඇය තවම තරුණයි. ඉතින් ඇගේ විලාසිතා පිළිබදව පවසා සිටියේ මෙලෙසිනි.


"විලාසිතා කරන්න මම ගොඩක් කැමති වගේම විලාසිතාවලට ආසයි. මුළු ලෝකයේම විලාසිතා කියන දේ අනුගමනය කරනවා. ඉතිං මමත් මට ගැළපෙන විලාසිතා අනුගමනය කරනවා.

මගේ වෘත්තිය රංගනය නමෛයි. මම ගෘහණියක්. විනෝදාංශයක් විදිහට තමයි මම රංගන කටයුතුවලට සහභාගි වෙන්නේ. රංගනයට අමතරව ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා යොමුවෙන්න අදහසක් නැහැ. ඉදිරියේ දී කොහොම වෙයිද කියන්න බෑ.....

සැබෑ ජීවිතයේ දී මම දඟකාර චරිතයක්. ඉන් මිදිලා එඩිතර චරිතයක් හරි ආබාධිත චරිතයක් හරි කරන්න හිතේ ආසාවක් තියෙනවා. 

සිනමා නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඉස්සර වගේ සියයට සීයක් ඒ වෙනුවෙන් කැපවෙන්න අමාරුයි. දියණිය තාම ‍පොඩි නිසා ඇයත් සමග ඉන්න වෙනවා. ඉඩ ලැබෙන විදිහට නිර්මාණවලට සහභාගි වෙනවා.

දුව දැන් ටිකක් ලොකුයි. ඇයත් සමග ගෙවන ජීවිතය බොහොම සුන්දරයි. ගිරවෙක් එක්ක ඉන්නවා වගේ. දියණියත් එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි.

සැමියා නැති පාළුව වැඩිපුරම දැනෙන්නේ නෑ...... මොකද මාසයකට සැරයක් එයා ලංකාවට එනවා. නැතිනම් අපි යනවා එයා බලන්න. ඒ නිසා ඔහුගේ දුරස් බව ලොකුවට දැනෙන්නේ නෑ....."

No comments:

Post a Comment