Monday, September 15, 2014

sex බැලුවොත් sex නෑ

කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙළඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය හැඟීමයි.
එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.
විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට
එරෙහි විය යුත්තේ එමගින් ලිංගික හැඟීම් උද්දීපනය කරන නිසාවෙන් නොව නූතන ලිංගික ජීවිතය විනාශ කරන බැවින් බව නයෝමි වුල්ෆ් පෙන්වාදෙයි. තෙවන රැල්ලේ ස්ත්‍රීවාදි ලේඛිකාවක හා සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ඇය ස්වකීය අත්දැකීම් ගෙනහැර පාමින් මෙසේ හඬ අවදි කරයි.
“මේ දවස්වල මං කලාතුරකින් පුදුමයට පත්කරවන විදිහේ සිදුවීම් වෙනවා. දේශනයකට හෝ පොතක අත්සන් තැබීමකට පස්සේ සමහර අය මාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා.
ඒ අයට අවශ්‍යය වෙලා තියෙන්නේ කාමෝද්දීපන ලිංගික දසුන් කෙරෙහි වන ඇබ්බැහියෙන් මිදෙන්න මාගෙන් උපදෙසක් හෝ උදව්වක් ගන්න. සමාජයත් එක්ක වැඩකරද්දි මට නිතර පුළුල් පරාසයක විසිරුණු පැතිරුණු මිනිසුන් හම්බවෙනවා.
ඔවුන් තමන්ගේ ලිංගික ජීවිතය ගැන මාත් එක්ක කතා කරනවා. එහිදී තමන්ගේ ලිංගික ජීවිතයට හා සම්බන්ධතා වලට කාමෝද්දීපන සාහිත්‍යය හා දසුන් බලපාන්නෙ කොහොමද කියන කාරණය කතා කරනවා.
පුද්ගලයින් පිළිබඳ පූර්වයෙන් ඇතිකරගන්නා ඒකාකාරී හැඟීම් ඒ අය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නෑ. උදාහරණයක් හැටියට මට අවුරුදු 60 ට පුද්ගලයෙක් හම්බවුණා. එයා කාමෝද්දීපන දසුන් වලට යොමුවීමේ හේතුව හැටියට දකින්නේ එයාගෙ ලිංගික බෙලහීනතාවයයි.
ඒ වගේම දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක් දුකෙන් ඇහුවේ එයාගෙ ස්වාමි පුරුෂයා ගැන. කාමෝද්දීපන දසුන් නොතිබුණානම් තමන් තාමත් ඉතා සතුටින් ඔහු සමග ජීවත්වන බව ඇය කීවා. ඇය මේවන විට එයා ස්වාමි පුරුෂයාගෙන් වෙන්වෙලා.
එයා දැන් පුදුම වෙන්නේ කොහොමද එයාගෙ පුතුන් ආරක්ෂා කරගන්නේ කියලා. එක් පිරිමි විද්‍යාලයක දීප්තිමත් සිසුවෙක්,එයා තමන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කීවේ“වංකගිරියක අතරමංවූවෙක්“
කියලයි. ඔහු කෙතරම් අන්තවාදී විදිහට මේකට ඇබ්බැහිවෙලා තියෙනවද කියනවනම් තමන් පත්වෙලා සිටින තත්ත්වය විස්තර කිරීමට පවා නොහැකි තරමට එයා ඒකේම ගොදුරක් බවට පත්වෙලා“

“නව යොවුන් විය ඉක්මයන්නට ඔන්න මෙන්න තත්ත්වයේ සිටින ජෝඩු මට කතාකරමින් තිරයක කාමෝද්දීපන වීඩියෝවක් නොදැක ලිංගිකව එකතුවීමට හැකි කිසිවෙකුත් නැති බව කියා සිටිනවා. තමන්ගේ සිසුන්ට මගපෙන්වීමට හැක්කේ කොහොමද කියලා පුද්ගලික පාසලක උපදේශකයෙක් මගෙන් අහනවා.

ඒ සිසුන්ගෙන් අති බහුතරය අන්තර්ජාලයේ කාමෝද්දීපන වීඩියෝවන්ට තදින් ඇබ්බැහි වී සිටින බවත්,පාසලේ දෛනික අධ්‍යයන කටයුතුවලට මෙන්ම පොදුවේ සමාජ සංවර්ධනයටද එය තදින් බලපාන බව හෙතෙම පෙන්වාදෙනවා.
මෑත කාලයේ බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද මහා පරිමාණ සමීක්ෂණයකින් එරට ලිංගික ආකල්ප හා ජීවන චර්යාව පිළිබඳ හොඳ චිත්‍රයක් පෙන්වා දී තියෙනවා. වයස අවුරුදු 16-74 ත් අතර පුද්ගලයින් 15,000 ට යොමු කළ ප්‍රශ්නාවලියක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ වයස අවුරුදු 10 ට පෙර තත්ත්වය හා සංසන්දනය කර බලද්දී මේවන විට මසකට 20%ක පමණ ප්‍රතිශතයකින් ලිංගික සබඳතා පැවැත්වීම අඩුවී ඇති බවයි.
සමහරු වසර 20 ක පමණ කාලයක සිට මේ ගැන පර්යේෂණ කළා. කාමෝද්දීපන ප්‍රකාශනවල වර්ධනය බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස බාරගත යුතු බව මං යෝජනා කරනවා. ඒවායින් ලිංගික ප්‍රතිචාර වලට පමණක් නොව ස්ත්‍රී -පුරුෂ සමාජ සම්බන්ධතාවලටත් ඉතා අහිතකර ලෙස බලපානවා.

“මගේ අලුත්ම පොත “වජීනා“. ඒක ස්ත්‍රී ලිංගික ආශාව පිළිබඳ අලුත් චරිතාපදානයක්. කාමෝද්දීපන ප්‍රකාශන ලිංගික කාරණාවලට හා සම්බන්ධතාවලට අහිතකර ලෙස බලපාන්නේ කොහොමද කියන දේ පිළිබඳ සවිස්තරාත්මක අනාවරණය කිරීමක් එහි එක් පරිච්ඡේදයක් පුරා දකින්නට පුළුවන්.

ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස නිපදවෙන චිත්‍රපටවල පවා මෙම ප්‍රවණතාව දැන් ඉස්මතුවෙන බවක් පේනවා. ස්ත්‍රීන්ගේ බෙල්ල මිරිකාගෙන සූරතාන්තයට පත්වීම,කෙස්වලින් ඇදීම,පරපීඩා හිංසාකාරිත්වය පවත්නා සුළු ලිංගික සබඳතාවල පවා සාමාන්‍යකරණය වෙලා. තරුණ ස්ත්‍රීන් මගෙන් මේ ගැන අහනවා.
“ඒක සාමාන්‍ය දේ නෙවෙයි. වීඩියෝ කෑලිවල සම්ප්‍රදායිකත්වය විතරයි“ මං ඇයට කීවා. ඒත් මං ඒ ගැන පුදුම වෙන්නේ නෑ. පවතින්නේ අශ්ලීල සමාජයක් බව අපි හැමෝම දන්නවා. මේ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවල ප්‍රචණ්ඩත්වය,අර්චනකාමය,සිරුරුවල පච්ච කෙටීම වසර 10 ට පමණ ඉහතදී සමාජ ව්‍යුහයේ ඈතින් (පරිධියේ )තිබුණේ.
අද වන විට එය ප්‍රධාන ධාරාව බවට පත්වී තියෙනවා.
“බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන එක, පර්යේෂණ කරන එක මේ තත්ත්වයේ බරපතළකම සමාජවය දැනවීමට සෑහෙන්න ප්‍රයෝජනවත්. මේක අපගේ පුද්ගලික ආකල්පයක් නෙවෙයි. බොහෝ විද්‍යාඥයින් විසින් තහවුරු කරපු ඇත්තක්.

නමුත් අවාසනාවකට තමන්ගේ සෞඛ්‍යයට කාමෝද්දීපන ප්‍රකාශන අහිතකර ලෙස බලපාන බව පිළිගන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. මේක සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. වැඩිහිටියන්ට තමන්ගේ නිවෙස්වල තමන්ගේම පුද්ගලිකත්වය රැකෙන කාමර අවශ්‍යය වෙන්නේ කුමක් නිසාද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
මෙම වෙබ් අඩවි හා වීඩියෝ දර්ශන කෙරෙහි පවත්නා නියුරෝසියානු ආශක්තවීම පැහැදිලියි. එයින් මෙහොතකට උත්තේජනයක් ඇති වෙනවා. ඒත් අප විසින් අමතක නොකළ යුතු වෙන්නේ මේ උත්තේජනය කෙටිකාලීනයි. තාවකාලිකයි.
ඒත් එයින් උද්ගත වන පුද්ගලික හා සමාජ විනාශය දීර්ඝ කාලීනයි. ඒවා පළමුව සමාන ශෘංගාරාත්මක දේ කෙරෙහි සංවේදනා දුරස්ථ කරනවා. දෙවනුව දීර්ඝ කාලීනව ලිංගික දෘශ්කෘත්‍යයක් සමාජයට එකතු කරනවා.

මමත් සෑහෙන සංඛ්‍යාදත්ත සමග මේ ක්ෂේත්‍රය පිළිබඳ බොහෝ පර්යේෂණ කර තිබෙනවා.කාමෝද්දීපන දසුන් මිනිසුන්ට ලිංගිකත්වය ගැන කිසිවක් උගන්වන්නේ නෑ. විශේෂයෙන්ම තරුණ පිරිමින්ට. ඒත් ස්ත්‍රීන්ගේ හැඟීම් අවුස්සනවා.

ලිංගික චර්යා විද්‍යාව පිළිබඳ පුරෝගාමී විද්වතෙකු වන කැනඩාවේ කොන්කොඩියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජිම් ෆාවුස් පවසන පරිදි ‘‘කාමොද්දීපන ප්‍රකාශන හැඟීම් දැනවීමට පාලමක් ලෙස ක්‍රියාකරනු විය හැකියි. ඒත් ඒ කාමෝද්දීපන දසුන් සමග විනා තමන්ගේ ලිංගික සහකරුවා හෝ සහකාරිය සමග නෙවෙයි“.
මහාචාර්යවරුන් දෙදෙනෙකුගේද සහභාගිත්වයෙන් යුතුව සිඩ්නි විශ්ව විද්‍යාලය විසින්ද මෑතකදී මේ පිළිබඳ පර්යේෂණයක් සිදුකළා. විවාහ ජීවිත ගත කරන හෝ සහකරුවෙකු හෝ සහකාරියක ඇසුරු කරන පිරිමින් 800 ට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගෙන සිදුකරන ලද මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ 85% ක් දැඩි ලෙස කාමෝද්දීපන ප්‍රකාශන ඇසුරු කරන බවයි.
එයින් 40%ක් දිනකට මිනිත්තු 30 ත් පැය 3ත් අතර කාලයක් මෙවැනි වීඩියෝ දසුන් නරඹන බව අනාවරණය වුණ. එයින් 1/3ක් පවසා ඇත්තේ තමන්ගේ දෛනික කටයුතුවලට එය අහිකර අන්දමින් බලපා ඇති බවයි.
1/5 ක් තහවුරු කර ඇත්තේ තමන් සහකාරිය සමග ලිංගිකව එකතු වෙනවාට වඩා කාමෝද්දීපන දසුන් නරඹන බවයි. ලාභ ලබන මහා පරිමාණ කාමොද්දීපන නිෂ්පාදනය කරන සමාගම් විසින් මවන ෆැන්ටසි ලෝකය වෙනුවට අනාගතයේදී අපට ඉතුරුවෙනු ඇත්තේ බොල් සමාජයක්.
(*adaderana)

No comments:

Post a Comment