Monday, September 15, 2014

තැපෑලේ වාහන නවයක් මල්ශාගේ සැමියා උස්සයි!


තැපැල් සේවා අමාත්‍යංශයට අයත් වාහන නවයක් පසුගිය කාලය තුල අතුරුදන්ව ඇතයි වාර්තා වේ. මෙම වාහන නවය රැගෙන ගොස් ඇත්තේ තැපැල් අමාත්‍යය ජීවන් කුමාරතුංග ගේ බෑණා නොහොත් පළාත් සභා මන්ත්‍රීවරයක වන මල්ෂා කුමාරණතුංග ගේ සැමියා වන හර්ෂමාන පණ්ඩිතරත්න විසිනි. 

ඔහු විසින් වරින් වර වාහන ගෙන ගියත් ප්‍රවාහන අංශය වෙත නැවතත් ඒවා බාර දී නොමැත. මෙසේ මොහු විසින් ගෙනයන ලද 64 ශ්‍රී 3147 අංක දරන ඩබල් කැබ් රථය දෙහිවල ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් බරපතල හානි සිදුවූ බවට වාර්තා වූ නමුත් ඔහු විසින් එම අනතුර සම්බන්ධව අමාත්‍යංශයට දන්වා නොමැත. 

අනතුරට පත්වූ මෝටර් රථය තවමත් පොලිසියේ ගාල්කොට ඇති බව වාර්තා වේ. ඔහු විසින් ගෙන යන ලද සියලුම වාහන සඳහා ඉන්ධන ලබාගනු ලබන්නේ රජයේ මුදලින් බවද වාර්තා වේ. 

මෙලෙස තැපැල් සේවා අමාත්‍යංශයේ වාහන දිගින් දිගටම අතුරුදන් වීම හේතුවෙන් රජයේ විගණකාධිපතිවරයා එම අමාත්‍යංශයේ වාහන භාවිතය පිළිබඳව විශේෂ විගණනයක් ආරම්භ කොට තිබේ. 

මල්ෂා සිය සැමියා වන හර්ෂමාන සමග  

No comments:

Post a Comment