Tuesday, September 23, 2014

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ තනපට හා ක්ෂණික මෝචන බෙහෙත් බඩු පූජාව


උෟව පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට මනාප ඉල්ලා පූජා කළ බෙහෙත් බඩු මල්ලක තනපටයක් හා ක්ෂණික මෝචනයට ලබාදුන් බෙහෙත් තිබී ඇතැයි වාර්තා වේ. 

මේ බව හෙළිකරමින් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී තනපටයක් ගෙන සභාවට පෙන්වීය. එහිදී තනපටය පෙන්වමින් මන්ත්‍රීවරයා සිදුකල කතාව පහත වේ.

"මනාප ඉල්ලා ජනතාවට බෙදා දුන් බෙහෙත් මල්ලෙ බෙහෙත් වට්ටෝරුවක් දාලා තිබුණා. ඒකෙ හැම ලෙඩකට බෙහෙත් තිබුණා..පිබිදෙන ඌව වෙල්ලස්සේ නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම සඳහා රෝග 15ක් සඳහා අත්බේත් 15ක්. මොනවද තියෙන්නේ..බඩ රිදුමට, ඉදිගොව්වෝ කනවට, ඉරුවාරදයට, කිරිපනුගායට, අධික රුධිර පීඩනයට, පිලිස්සුමට, පීනසට,දියවැඩියාවට..

බලන්න ..ක්ෂණික මෝචනයට බෙහෙතුත් දාලා...ඌව වෙල්ලස්ස පිබිදෙන රාජ පරපුරෙන් එන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ බෙහෙත් වට්ටෝරුවක්..ඉදි කිරීම් කරන්න දුන්නු සල්ලි වලින් තමයි මේ බෙහෙත් මල්ල දීල තියෙන්නේ..

දැන් බලන්න මේ බෙහෙත් මල්ල..කී දේ ඉටු කරන අපේ මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ, අංක 15, 



මම බෝධිරාජාරාමයට ගියාම හාමදුරුවෝ මට දුන්නා මේ මල්ල, මේ අමල්ලේ එකක් තියෙනවා බේත් වට්ටෝරුවක්..අනිත් එක මේ බලන්න කාන්තාවන්ට අඳින තනපටයක්.."

අනතුරුව මේසය මත තිබුණු එම නිල් පැහැති මල්ලට අතදැමූ මන්ත්‍රිවරයා එයින් තනපටක් එළියට ගෙන සභාවට පෙන්වීය.

සභාවෙන්
කාගෙද ඕක.... කාගෙද ඕක.....

රංගෙ බණ්ඩාර
ඒක මං දන්නෙ නැහැ. හාමුදුරුවන්ට දීල තිබුණේ.

ආණ්ඩු පක්ෂයෙන්
කඩෙන් ගේන්න ඇති.

රංගෙ බණ්ඩාර
තමුන්නාන්සේලා කඩේ යන බව කවුරුත් දන්නවා. හාමුදුරුවො කඩේ යන්නෙ නැහැ. මේවා ගෙන්න ඒ බව ජනතාව දන්නවා.රුපියල් කෝටි ගණන් වැය කරලා හදන වරාය පුරවරයේ තුනෙන් එක් චීනයට දෙනවා දේශප්‍රේමි ඇමැතිතුමා මොකද ඒ ගැන කියන්නෙ.

විමල් වීරවංශ
අහගෙන ඉන්නවද කියන්න.

රංගෙ බණ්ඩාර
තමුන්නාන්සෙගෙ වෙලාවෙදි කතා කරන්න.විමල් ඇමැතිතුමාගෙ තිර රචනය, ගායනය, කතාව සියල්ල ලස්සනයි. එහෙත් ඔබතුමාගෙ රංගනය සාර්ථක නැහැ. හැබැයි බල්ටිත් නැහැ. විසිල් නැහැ. ප්‍රේක්ෂකයොත් නැහැ. ඒ නිසා තමයි පංචායුධයට කෙළවිලා හතර ගාතෙන් වැටුණෙ

No comments:

Post a Comment