Monday, September 15, 2014

එක රෑට සිසුන් 7 කට අතවර කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙනෙක්

අධ්‍යාපන චාරිකාවක නිරත වූ පාසල් සිසුන් 07 දෙනෙකුව අපයෝජනය කළ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන්
පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
සැකකාර මන්ත්‍රීවරයා විසින් අපයෝජනය කර ඇත්තේ වනාතවිල්ලුව – කරතිව් ප්‍රදේශයේ පාසලක පිරිමි දරුවන් පිරිසක් බව අනාවරණය වී ඇතැයි විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.
වනාතවිල්ලුව – කරතිව් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පාසලක 9,10,11,සහ 12 යන වසර පන්ති වල ඉගෙණුම ලබන සිසු සිසුවියන් පිරිසක් පසුගිය 02 වැනිදා අධයාපන චාරිකාවක් සදහා ගොස් ඇත. මාතර,ගාල්ල,හම්බන්තොට ප්‍රදේශයට ගොස් ඇති මෙම චාරිකාවට පාසල් සිසුන් 53 ක්,සිසුවියන් 35 ක,ගුරුවන් 05 ක්,ගුරුවරියන් 06 ක් සහ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් 03 කු අයත් වී ඇත.සැකකාර මන්ත්‍රීවරයාද අධ්‍යාපන චාරිකාවට එක්වූ පාසල් සංවර්ධන කමිටු සාමාජිකයෙකි.්‍
මෙම පිරිස පළමු දින එනම් පසුගිය 02 වැනිදා රාත්‍රිය ගත කර ඇත්තේ වැලිගම – කප්පල්තුරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකය.එම දේවස්ථානය තුළදී සැකකාර මන්ත්‍රීවරයා පාසල් සිසුන් 07 දෙනාට අවස්ථා කීපයකදී අතවර සිදු කර ඇති බව පොලීසිය කියයි.
සැකකරු විසින් සිදු කර ඇති ක්‍රියාව සම්බන්ධයෙන් දැන ගෙන ඇති අයෙකු මේ බව පුත්තලම කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දන්වා ඇත. ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගය පරිදි වනාතවිල්ලුව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණයදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

No comments:

Post a Comment