Saturday, September 13, 2014

ගුරුවරියගේ සිරුරට වහ වැටී වශී ගුරුකමක් කර නූලක් පැන්නු 11 වසරේ සිසුවාට වැඩ වරදියි.


කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු උදාන නම් සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු සහ විදුහල්පති වරයෙකු පහරදීමේ සිද්ධියක් අපට වෙත වාර්තා වෙනවා. 


සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පෙරේදා දිනයේදී
මෙම සිසුවාට පහරදී ඇත්තේ එම පාසලේම ගුරුවරියකට වශී
ගුරුකමක් කර නූලක් පැන්නවීමට උත්සාහ කළැයි චෝදනාව මත බවයි. 



ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් සිසුවාගෙන් ප‍්‍රශ්න කිරීමේදී පිටු පසින් පැමිණි වෙනත් ගුරුවරුන් දෙදෙනෙකු, තමන්ට පහරදී ඇදගෙන ගිය බවයි අදාළ සිසුවා සඳහන් කළේ. මෙම ශිෂ්‍යයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.  

මේ සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වෙත සිසුවාගේ පියා විසින් පැමිණිලි කළද සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බවයි ඉසුරු උදාන සිසුවාගේ දෙමාපියන් චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අදාළ විදුහලේ විදුහල් පතිවරයා සහ එහි ගුරුවරුන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද  එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනවලට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

No comments:

Post a Comment