Monday, September 15, 2014

නිවාඩුවට ඔබ යන එන තැන් වල තොරතුරු බුද්ධි අංශයට !


ලංකාව පුරා සංචාරය කරන පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කිරීම රාජ්‍යය බුද්ධි අංශ පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 

නිවාඩුවට වෙනත් පළාතකට ගොස් ගත කරන පිරිස්, ව්‍යාපාරික උවමනාවන් සඳහා යන පිරිස්, කොටින්ම කිවහොත් හෝටලයක, නිවාඩු නිකේතනයක නතරවන සියලු පුද්ගලයන්ගේ විස්තර රාජ්‍යය බුද්ධි අංශ වෙත සැපයීම අනිවාර්ය අංගයක් කොට තිබේ. 

ඒ අනුව හෝටල් වෙන්කරවාගත් පුද්ගලයාගේ නම, ලිපිනය, පැමිණි දිනය වැනි විස්තර දිස්ත්‍රික්කයේ ඇති බුද්ධි අංශ මුලස්ථානය වෙත වාර්තා කිරීමට හෝටල්වල කළමනාකාරිත්වයට උපදෙස් ලැබී තිබේ. 

ඒ අනුව සියලු දිස්ත්‍රික් වල තොරතුරු අවසානයේ කේම්බ්‍රිජ් ප්ලේස් හි පිහිටා ඇති රාජ්‍ය බුද්ධි සේවයේ මුලස්ථානය (SIS) වෙත යොමු කිරීමට වැඩපිළිවෙලක් සකසා තිබේ. 

මෙම වැඩපිළිවෙලත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය බරපතල ලෙස ප්‍රශ්නාර්තයකට ලක්කරනු ලබයි. 

කොටින්ම වෘතිකයෙකු, දේශපාලඥයෙකු, සාමන්‍යය පුරවැසියෙකු තමාගේ පවුල හෝ හෝ තනියම සංචාරය කරනු ලැබුවහොත් නවාතැන් ගත් හෝටලය සහ අනෙකුත් විස්තර පොලීසිය සතු වනු ඇත. 

මේ සම්බන්ධව එක්තරා හෝටලයක හෝටල් කළමනාකරුවෙකු මාධ්‍යය වෙත පවසා තිබුනේ "අපි කැමති නැහැ අපේ සේවාදායකයන්ගේ පෞද්ගලිකත්වය හෙළිකරන්න.නමුත් මෙම අලුත් අවශ්‍යතාවය හින්දා අපිට එම දත්ත දෙන්න වෙනවා..නැත්නම් වරද පැටවෙන්නේ අපේ පිට"

මෙවැනි නීතින් විදෙස් රටවලද දක්නට ඇති අතර ඒවා ක්‍රියාත්මක කොට ඇත්තේ ඒකාධිපතියන් විසින් පාලනය කරනු ලබන රටවල් විසින් පමණි.

No comments:

Post a Comment