Friday, September 12, 2014

ඩයලොග් සමාගම මොණරාගල පාරිභෝගික තොරතුරු සියල්ල ශශීන්ද්‍රට දීලා!


අද උදෑසන සිට මොණරාගල පදිංචිය හිමි ජාතික හැදුනුම්පත් අංක වලට ලියාපදිංචි කර ඇති සියලු ඩයලොග් දුරකතන අංක වලට sms යවමින් තම ජන්ද ව්‍යාපාරය ශශින්ද්‍ර රාජපක්ශ කරන බව ගොසිප්බුක් වෙත වාර්තා වේ.

076-6677344 දරන දුරකතන අංකයෙන් යවා ඇති මෙම එස්.එම්.එස් ව්‍යාපාරයෙන් යවා තිබුනේ පහත දැක්වෙන පණිවිඩය වේ. 

“Kee De Itukarana Ape nayaka Shashindra rapaksha.Bulath kolaya X.manapa Ankaya 15”

මෙහි ඇති බරපතලකම වන්නේ ඩයලොග් ආයතනය තම පාරිභෝගිකයාගේ තොරතුරු තුන්වන පාර්ශවයක් අතට පත් කර පාරිභෝගික විශ්වාසය බිදදැමීමත් පාරිභෝගිකයා අනාරක්ශිත කිරීමත්ය.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක විදුලි සංදේශ නියාමන නීතියට අනුව අධිකරණ නියමකයට හැර කිසිදු අවස්ථාවක දුරකතන හිමියෙකුගේ විස්තර තෙවන පාර්ශවයකට ලබා දීමට දුරකතන සමාගම්වලට තහනම් වේ.

මේ වසරේ මුල් කාර්තුවේදී ද ඩයලොග් ආයතනයේ ඉහළ කළමණාකරනයට සම්බන්ධ පිරිසක් කොළඹ ප්‍රදේශයේ ඉහල ආදායම් ලබන හා සමාගම් අධ්‍යක්ශකවරුන්ගේ දුරකතන ඇමතුම් පටිගතවීම් ඔස්සේ ඔවුන්ගේ අනියම් සම්බන්ධතා තොරතුරු කප්පම් කල්ලි වෙත ලබාදී කප්පම් ලබාගැනීමේ නින්දිත ක්‍රියාවක නිරතවීමක් ද වාර්තා වුනි.

පසුගිය කාල සීමාවේ නිතර නිතර dialog සමාගම තම මෙහෙයුම් පද්ධතිය යාවත්කාලිනකිරීම් සිදු කිරීමට පාදක වූයේද මෙම සිදු වීමයි.

ඩයලොග් සභාපතිවරයා වන හාන්ස් විජේසූරිය සන්ධාන ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙක් වන අතර ඔහු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ශක මණ්ඩලයේ ද සිටී. 

No comments:

Post a Comment