Monday, September 15, 2014

ගයේෂා ඒ ගමන එළිපිට නටන්න හදයි

ආන්දෝලනයකට තුඩු දුන් ඉගිල්ලෙන්න මාලුවෝ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ගයේෂා පෙරේරා සෙලෝලයිඩ් තිරයෙන් මැත්ව ප්‍රසිද්ධ වේදිකාවේ ඇගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට තීරණය කරලා.
ඒකත් තවත් ආන්දෝලනාත්මක වැඩ වලට ප්‍රසිද්ධ සිනමා නිළියක වන අනෝමා ජනාදරී සමඟයි.
මේ වෙන මොකක්වත් ගැන නෙවෙයි කියන්න හදන්නේ ගයෙෂා වේදිකා නාට්‍යයක රඟපාන්න හදන්නේ පළමු වතාවට. ඒ ගැන ගයේෂා කියන්නේ මෙහමයි.
“මේ දවස්වල මම අනෝමා ජිනදාරීගේ නවතම වේදිකා නාට්‍යයකට දායක වීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා. අනෝමා ජිනාදරී කියන්නේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. කලා ලොවේ අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක්. ඇයගේ වේදිකා නාට්‍යයකට හා හා පුරා කියා දායකවීමට ලැබීම ගැන ඇත්තටම සතුටක් දැනෙනවා. සමහර විට මට මේ අවස්ථාව අභියෝගයක් වෙන්නත් පුළුවන්. ඒත් ඕනම දෙයක් උත්සාහ කළොත් කරන්න බැරිකමක් නැහැ.
මගේ තිබෙන සියලු අත්දැකීම් උපයෝගී කරගෙන මේ චරිතයට උපරිම සාධාරණය ඉටුකරන්න මම බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment